මෙවර මැතිවරණ කාල සීමාවේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් මහජනතාව පීඩාවට පත් පන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටුනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධතා සහ සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා ඊයේ (1) සඳහන් කළේ මැතිවරණය අවසන් වූ වහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවලට විසඳුම් දීමට පියවර ගන්නා බවයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය:
“දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රමවේදය සහ වසර පහෙන් පහට උසස් වීමේ ක්‍රමවේදයේ ගැටලුවක් පවතින බව අප දැක තිබෙනවා. මේක අද ඊයේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි; කාලයක් තිස්සේ මතු වන ගැටලුවක්. අද පවතින්නේ මැතිවරණ කාලසීමාවක්. ඒ මැතිවරණ කාලසීමාවේදී මේ ගැටලුව මුළුමනින්ම විසඳන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එයට විවිධ ගැටලු මතු වී තිබෙනවා. ඒ නිසා මැතිවරණ කාල සීමාව අවසන් වූ වහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුමක් දීමට බලාපොරොත්තු වෙනවා. පැවැත්වූ සාකච්ඡාවලදී දැනටමත් බොහෝ සහන සලසා දී තිබෙනවා. මතු වූ ගැටලුවලට විසඳුම් රැසක් දැනටමත් දී තිබෙනවා. ඉදිරියටත් ඒ කටයුත්ත සාර්ථකව කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි මැතිවරණ කාලසීමාවලදී දුම්රිය මඟීන්ට පීඩා ගෙන දෙන එක සුදුසු නැහැයි කියා අප හිතනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් මහජනතාව පීඩාවට පත් වන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටියි කියා අපි බලාපොරොත්තු වෙනවා.”