ඉන්දියාවේ ප්‍රබල පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නු කල්ලිය හා සම්බන්ධතා පැවැත්වූ බව කියන අමෙරිකාව කේන්ද්‍ර කර ගත් බාබර් කාල්සා ජාත්‍යන්තර සංවිධානය හෙවත් බීකේඅයි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු පන්ජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී මොහාලි දිස්ත්‍රික්කයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට මේ දෙදෙනා සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.
එම වෙඩි තැබීමට පසු දිනයේදී ද සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පන්ජාබ් පොලිසිය සමත්වී ඇති අතර, පිස්තෝල දෙකක් ද ඔවුන් සතුව තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ විදෙස් ශ්‍රමිකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකදී බවත්, එහි හිමිකරුගෙන් ඉන්දීය රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් පන්ජාබ් පොලිසිය වාර්තා කළේය.