උදෙන්ම කතා කරලා තාත්තගෙ උප­න්දි­න­යට සුබ පතපු දුව පැය කීප­යක් යද්දී අපෙන් සද­හ­ටම වෙන් වෙලා…-දුන්හිඳ බස් අන­තු­රින් මිය­ගිය කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ උම­යං­ගනී සිසු­වි­යගේ මව ඇඬූ කඳු­ළින් කියයි

  • බදුල්ල පැත්තෙ ඉඳන් බස් එකක් ආවා එක පාර­ටම කණ්ඩියෙ වැදිලා මහ හඬක් නඟ­මින් පෙර­ළුණා – අන­තුර ඇසින් දුටු අයෙක්

“අද මගේ මහ­ත්ත­යාගේ උප­න්දි­නය. දුව උදේම තාත්තාට දුර­ක­ත­න­යෙන් කතා කර සුබ පැතුවා. ඊට පස්සේ එයාගේ යාළු­වෙක්ට කියලා තාත්තට කේක් එකක් එවලා තිබුණා. පසුව මටත් කතා කළා. එහෙම කතා කළ මගේ දුව රිය අන­තු­රින් මිය­ගිය බව දැන ගන්න ලැබුණා.” යැයි ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු පිරි­සක් ගමන් ගත් බස් රියක් ඊයේ (1) පෙර­ව­රුවේ බදුල්ල මහි­යං­ගණ මාර්ගයේ දුන්හිඳ අඹ­ග­හ­ඔය 5 කනුව ප්‍රදේ­ශ­යේදී කණ්ඩි­යක ගැටී පෙර­ළී­යෑ­මෙන් මිය­ගිය නිවි­ති­ගල තොල­ඹු­ග­මුව පහළ කන්දේ පදිංචි එම්.ජී.අයි. උම­යං­ගනි (24) සර­සවි සිසු­වි­යගේ මව වන මල්ලිකා නිමල් ශාන්ති (50) මහ­ත්මිය පැව­සු­වාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මල්ලිකා මහ­ත්මිය වැඩි­දු­ර­ටත් මෙසේද කීවාය:

“මේ මිය­ගොස් සිටින මගේ ලොකු දුව කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වසරේ සිසු­වි­යක්. මට තව දුවලා දෙදෙ­නක් ඉන්නවා. ඒ දෙන්නා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කර­නවා. මම කලක් පොලිස් සේවයේ නිර­තව සිට පසුව දරු­වන්ගේ ඉගෙ­නුම් කට­යුතු නිසා සේව­යෙන් අයින් වුණා. සැමියා ගුරු­ව­ර­යකු ලෙස සේවය කර දැන් විශ්‍රාම ලබා ඉන්නවා. කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ දුව කතා කරලා කිවුවා අපි 32 වැනිදා පුහුණු වැඩ­ස­ට­හ­න­කට බදුල්ලේ යනවා කියලා. පසුව දුවගේ යාළු­වොත් එක්ක 42ක් මේ ගම­නට එක් වෙලා තිබෙ­නවා. දුව බදු­ල්ලට ගිහින් කතා කළා. ඒ ගොල්ලෝ ඇල්ලේ ගියා කිවුවා. පසුව එදින රාත්‍රියේ පස්සර පැල්ග­හ­තැන්න පුහුණු මධ්‍ය­ස්ථා­නයේ නතර වෙලා මට කතා කළා. ඊට පස්සේ අද (1) උදේ දුව කතා කරලා තාත්තගෙ උප­න්දි­න­යට සුබ පැතුවා. එයා එයාගෙ යාළු­වෙක්ට කතා කරලා කියලා තියෙ­නවා කේක් එකක් අරන් ගෙදර ගිහින් තාත්තට දෙන්න කියලා. පස්සේ දුව උදේ මට කතා කරලා කිවුවා අම්මේ අපි ළමයි ඔක්කොම ඊයේ (31) රාත්‍රියේ පුදුම විදි­යට විනෝද වුණා. අපි අද රන්ටැඹේ ගිහින් මාව­නැ­ල්ලට ගිහින් යනවා කියලා. දුව මගේ උප­න්දි­නය දවසේ මට කිවුවා අම්මෙ අපි නුව­ර­එ­ළිය ගිහින් අනූ­න­ව­යෙන් බේරුණා කියලා. එහෙම කිවුව දුව අද තාත්තාගෙ උප­න්දි­නය දවසේ අව­සන් ගමන් ගියා. මට මේ මොන­වාත් හිතා ගන්න බෑ… හීන­යක් වගේ. උදේ කතා කරපු දුව පැය කීප­ය­කට පසුව රිය අන­තු­රින් මිය­ගිය බව දැන­ගන්න ලැබුණා.”

මේ අන­තු­රින් බස් රථයේ සිටි සිසු­වි­යන් දෙදෙ­නකු මිය­ගොස්, 39 දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර තිබිණි. මෙහිදී මරු­මු­වට පත් වූයේ නිවි­ති­ගල තොල­ඹු­ග­මුව පහ­ළ­කන්දේ පදිංචි එම්.ජී.අයි. උම­යං­ගනී සහ කුරු­ණෑ­ගල උණ­කො­ළ­ගෙ­දර කර­ඩි­වත්තේ පදිංචි එම්.එම්.පී.ටී. හෙට්ටි­මුල්ල නමැති කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ දක්ෂිණ මණ්ඩ­පයේ සිසු­වියෝ දෙදෙ­නාය.

බදුල්ල මහේ­ස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ (1) රාත්‍රියේ බදුල්ල ශික්ෂණ රෝහ­ලට පැමිණ මළ­සි­රුරු සම්බන්ධ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කළ අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය බදුල්ල ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි ඩබ්.ඇම්.කේ.බී. විජේ­තුංග මහතා විසින් සිදු කරනු ලැබීය. එහිදී සිසු­වි­යන් දෙදෙ­නාගේ මරණ රිය අන­තු­රක් නිසා හිසට සිදු වූ බර­ප­තළ තුවාල හේතු­වෙන් වූ හදිසි මරණ දෙකක් බවට එම වෛද්‍ය වාර්තා­ව­ලින් නිග­ම­නය කෙරිණි.

මේ අන­තු­රින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි කොත­ලා­වල ආර­ක්ෂක විද්‍යා පීඨයේ නිල­ධා­රි­යකු ගුවන් හමු­දාවේ හෙලි­කො­ප්ටර් යාන­යක් මඟින් කොළඹ යුද හමුදා රෝහ­ලට ගෙන ඒමට ඊයේ (1) සවස ගත් උත්සා­හය අසා­ර්ථක වූයේ ප්‍රදේ­ශයේ පැවති දැඩි අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙනි. ඒ තුවා­ල­කරු ගිල­න්රි­ය­කින් බදුල්ල පාපන්දු පිටි­යට රැගෙන ආවද, අය­හ­පත් කාල­ගු­ණය නිසා ගුව­න්ග­මන නතර කෙරුණු බැවින් නැව­තත් බදුල්ල ශික්ෂණ රෝහ­ල­ටම රැගෙන යෑමට සිදු වී තිබිණි.

මේ බිහි­සුණු අන­තුර ඇසින් දුටු සී. රත්නා­යක මහතා අප සමඟ සිද්ධිය පිළි­බඳ අද­හස් දක්ව­මින් මෙසේ කීය:

“උදේ හත හමා­රට විතර ඇති බදුල්ල පැත්තෙ ඉඳලා බස් එකක් ආවා. ඒ බස් එක එක පා⁣රටම පාරෙ වම් පැත්තේ කණ්ඩියෙ වැදුණා. ඒත් එක්කම මහ සද්ද­යක් ඇති කර­මින් පෙර­ළුණා. අපි දුවලා ගිහින් බැලුවා. හිටපු ඔක්කොම වගේ කෑග­හ­නවා. අපි ඒ ගැන බදුල්ල පොලි­සි­යට කතා කරලා කියලා තුවාල වෙච්ච අය බස් එකෙන් එළි­යට අරන් බදුල්ල රෝහ­ලට යවන්න කට­යුතු කළා. ඒ එක්කම බදුල්ල රෝහලේ ඇම්බි­යු­ලන්ස් ආවා. අපි ඔක්කොම එකතු වෙලා තුවා­ල­කා­ර­යන් ඒ ගිලන් රථ­ව­ලට දැම්මා. හැබැයි ළමයි දෙන්නෙක් ගත්තා… ඒ අය තරුණ ගැහැනු ළමයි… ඒ දෙන්නාම මිය ගිහින් කියලා අපිට හිතුණා… මේ වෙලාවේ ලොකු ස්තුති­යක් කරන්න ඕනෑ බදුල්ල රෝහලේ දොස්තර පාලිත මහ­ත්ත­යාට. එයා ඇවිත් ලෙඩ්ඩු ගෙනි­යන්න ‍ලොකු උද­වු­වක් දුන්නා. මහ­ත්තයෝ… ම⁣ගේ ෆොටෝ ගහලා දාන්න එපා. අපි කළේ අපේ අයට වෙච්ච කර­ද­ර­ය­කදි උදවු උප­කාර කරන එක විත­රයි” රත්නා­යක මහතා පැව­සීය.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත සහ පොලිස් අධි­කාරි බුද්ධික ගුණ­සේ­කර මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත, බදුල්ල වැඩ බලන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක චානක චිරං­ජීව විජේ­රත්න, පොලිස් පරී­ක්ෂක ජය­තුංග, උප පොලිස් පරී­ක්ෂක ආර්.එම්.එස්. රත්නා­යක, උප පොලිස් පරී­ක්ෂක ජින­දාස, 54124 පීරිස් මහ­ත්වරු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.