සංචාරක නවසීලන්ත ක්රිකට් කණ්ඩායම සමඟ ඊයේ වන්කඩේ ක්රීඩාංගණයේදී ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරන ඉන්දියාව පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 86ක් රැස් කර තිබිණි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 235ක් රැස් කළ අතර, ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින ඉන්දීය පිල නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 149ක් පසුපසින් සිටී.
ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 31ක් රැස් කර කඩුල්ලේ රැඳී සිටි අතර, නායක රෝහිත් ශර්මා (18), යෂස්වි ජයිස්වාල් (30), විරාට් කෝලි (4) සහ සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි මොහොමඩ් සිරාජ් (0) වේලාසනින්ම යළි ක්රීඩාගාරයේ අසුන් ගත්හ. අද තරගයේ දෙවැනි දිනයයි.