අව­තැන්වූ පල­ස්තීන ජන­තා­වට ඉන්දි­යා­වෙන් ටොන් 30ක ආධාර

යුද්ධ­යෙන් අව­තැන්වූ පල­ස්තීන ජන­තාව වෙනු­වෙන් සහන සැල­සීමේ අර­මු­ණින් ඉන්දීය රජය ටොන් 30ක වෛද්‍යා­ධාර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජීවි­තා­ර­ක්ෂක ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධ තොග­යක් ද ඊට ඇතු­ළත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක රන්දීර් ජයි­ස්වාල් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් සඳ­හන් කර ඇත්තේ යුද්ධ­යෙන් අව­තැන්වූ පල­ස්තීන ජන­තා­වට ඉන්දීය රජය අඛ­ණ්ඩව සහාය දක්වන බවය. ඒ අනුව පළමු වෛද්‍ය­ධාර තොග­යට ටොන් 30ක ඖෂධ, වෙනත් වෛද්‍ය පහ­සු­කම් හා ආහාර ඇතු­ළත් වූ බව ද වාර්තා වේ. මීට අම­ත­රව අධි­ශ­ක්ති­ජ­නක බිස්කට් වර්ග, සැත්කම් උප­ක­රණ, දන්තා­ලේප නිෂ්පා­දන හා සාමාන්‍ය ඖෂධ වර්ග ද එම ආධාර තොග­යට ඇතු­ළත් වී තිබේ. පල­ස්තීන ජන­තා­වට මේ ආධාර තොගය ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ පල­ස්තීන සර­ණා­ගත ඒජ­න්සිය හරහා බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.