අල්ලස් පැමි­ණිලි 1152ක් විම­ර්ශ­න­යට නියෝග-පැමි­ණිලි 766ක් විම­ර්ශ­නය නොක­රන්න තීර­ණ­යක්

අල්ලස් කොමි­ෂන් සභා­වට 2023 වර්ෂයේ ලද පැමි­ණිලි අත­රින් විම­ර්ශ­නය සඳහා නියෝග ලැබී ඇත්තේ පැමි­ණිලි 1,152ක් පම­ණක් බවත් අල්ලස් පන­තට අදාළ නොවන පැමි­ණිලි 766න් විම­ර්ශන නොකි­රී­මට තීර­ණය වී ඇති බව අල්ලස් කොමි­ෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා­වෙන් අනා­ව­ර­ණය වේ.

එම වර්ෂයේ ලද පැමි­ණිලි අතර එකම කරු­ණ­කට අදා­ළව අවස්ථා කිහි­ප­ය­කදී ලද පැමි­ණිලි ඇති බවත් එවන් පැමි­ණිලි 253ක් ඇති බවත් එහි සඳ­හන්ය.

පැමි­ණිලි කමි­ටුව වෙත ලද පැමි­ණිලි අත­රින් ඉදි­රි­ප­ත්කර ඇත්තේ පැමි­ණිලි 2,789ක් පමණි. විම­ර්ශන සඳහා විම­ර්ශන අංශ­යට නියෝග ලැබී ඇත්තේ පැමි­ණිලි 1,152ක් වන අතර විම­ර්ශන නොකි­රීම සඳහා පැමි­ණිලි 766ක් සම්බ­න්ධ­යෙන් නියෝ­ගද ලැබී තිබේ. ඊට අම­ත­රව පැමි­ණිලි 613ක් කොමි­ෂන් සභා පන­තට අදාළ නොවූ බැවින් අදාළ ආය­තන වෙත යොමු කර ඇත. ඒ හැරුණු කොට වෙනත් ආය­ත­න­ව­ලින් හා නීති අංශ­යෙන් වාර්තා කැඳ­වීම් 258ක් ඇති බව ද කාර්ය සාධන වාර්තවේ සඳ­හන්ය.