RPC වතු සේව­කයන්ට ලබා දෙන දීපා­වලි උත්සව අත්ති­කා­රම රු.5000කින් වැඩි කරලා

තම සංග­ම­යට අයත් කලා­පීය වැවිලි සමා­ගම් (RPC) දීපා­වලි උත්සව සමය වෙනු­වෙන් සිය සේව­ක­යින්ට ලබා දෙන අත්ති­කා­රම් මුදල රුපි­යල් 5,000 කින් වැඩි කළ බව ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­මය ප්‍රකාශ කරයි.

ඒ අනුව සිය­ලුම RPC වතු සේව­ක­යන්ට දීපා­වලි උත්ස­වය වෙනු­වෙන් මීට පෙර ලබා දුන් රුපි­යල් 20,000 සිට රුපි­යල් 25,000ක් දක්වා වැඩි කළ අත්ති­කා­රම් මුද­ලක් ලබා දී තිබෙන අතර එය සිය­යට 25ක වැඩි­වී­මක් බව ද මේ අතර කාර්ය මණ්ඩ­ලය සඳහා සිය­යට 20ක වැඩි­වී­මක් සම­ඟින් රුපි­යල් 25,000 සිට රුපි­යල් 30,000ක් දක්වා අත්ති­කා­ර­මක් හිමි­වන බව ද එම සංග­මය පෙන්වා දෙයි. මේ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­මයේ මහ­ලේ­කම් ලලිත් ඔබේ­සේ­කර මහතා පෙන්වා දෙන්නේ ‘දීපා­වලි උත්ස­වයේ ඇති සංස්කෘ­තික වැද­ග­ත්ක­මට ගරු කර­මින් RPC ස්වේච්ඡා­වෙන් මෙම තීර­ණය ගනු ලැබුවා. මෑතක දී සිදු­කළ වැටුප් වැඩි­වී­මට සම­ගා­මීව මෙම වැඩි­කළ අත්ති­කා­රම් ලබා දීමෙන් සේව­ක­යින්ට සහ­යෝ­ගය දැක්වී­ම­ටත් මූල්‍ය සුර­ක්ෂි­ත­තා­ව­කින් මෙවර උත්සව සමය සැම­රී­මට ඔවුන්ට උප­කාර කිරීම සඳ­හාත් RPC හි කැප­වීම පෙන්නුම් කර­නවා’ යැයි පැව­සීය.

දීපා­වලි උත්ස­වය සඳහා මෙම වැඩි­කළ අත්ති­කා­රම් ලබා දී ඇත්තේ මෑතක දී වතු කම්කරු වැටුප් වැඩි කිරී­මට සිදු­කළ සාර්ථක සාක­ච්ඡා­ව­ලින් පසුව වන අතර එම සාක­ච්ඡා­ව­ලින් පසුව වතු කම්ක­රු­වන්ගේ දෛනික වැටුප රුපි­යල් 1,000 සිට රුපි­යල් 1,350 ක් දක්වා වැඩි විය. මීට අම­ත­රව, සම්මත ඉල­ක්ක­යට වඩා නෙළා ගනු ලබන සෑම තේ දලු කිලෝ­වක් සඳ­හාම අම­තර ආදා­ය­මක් ලැබෙන බැවින් සාමාන්‍ය ප්‍රමා­ණ­යට වඩා වැඩි අස්වැ­න්නක් ලබා ගැනී­මෙන් වතු කම්ක­රු­වන්ට දැන් වැඩි ආදා­ය­මක් ලබා ගත හැකිය.

මෙම වැටුප් වැඩි­වී­මට පෙර සිටම ශ්‍රී ලංකාවේ තේ අස්වනු නෙළ­න්නන් වෙනත් ගෝලීය තර­ග­ක­රු­වන්ට සාපේ­ක්ෂව ඉහ­ළම වැටුප් ලබන අය අතර විය. ඊට අම­ත­රව මෙම වැටුප් සංස­න්ද­නය සඳහා කලා­පීය වැවිලි සමා­ගම් පිරි­න­මන නිවාස, සෞඛ්‍ය සේවා සහ වෙනත් සුබ­සා­ධන වැඩ­ස­ට­හන් ඇතු­ළත් නොවූ බව ද ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­මය පව­සයි.