රාජ­ගි­රියේ වාහන අම­තර කොටස් කඩ­යක් ගින්නෙන් වැනසේ

රාජ­ගි­රිය මාදි­න්නා­ගොඩ පාරේ වාහන අම­තර කොටස් අලෙවි මධ්‍ය­ස්ථා­න­ය­කට ඊයේ (1) දහ­වල් ඇති වූ ගින්න­කින් සම්පූ­ර්ණ­යෙන්ම විනා­ශ­යට පත්ව ඇතැයි වැලි­කඩ පොලි­සිය කියයි

ඇති වූ ගින්න පැති­රී­මෙන් යාබ­දව පිහිටි නිවාස දෙකක වහ­ල­ව­ල­ටද අලාභ වී ඇත වාහන රථ අම­තර කොටස් අලෙවි කිරීම සහ අලු­ත්වැ­ඩියා කට­යුතු කරන එම මධ්‍ය­ස්ථා­නයේ ගින්න ඇති වූ වහාම ඒ පිළි­බඳ වැලි­කඩ පොලි­සිය දැනු­ම්වත් වීමත් සම­ඟම කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒක­කයේ රථ හත­රක් එම ස්ථාන­යට ගෙන්වා ගින්න පාල­නය කිරී­මට කට­යුතු කර තිබිණි.

ඇතිවූ ගින්නෙන් එම ප්‍රදේ­ශයේ පිහිටි අහස් කුස පුරා විශාල ලෙස කඳු දුමා­ර­යෙන් වැසී ගොස් තිබිණි. ගින්නෙන් කිසි­ව­කු­ටත් ජීවිත අන­තු­රක් හෝ තුවා­ල­යක් තුවා­ල­යක් සිදුවී නැතැයි පොලි­සිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැති අතර රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා හා අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන්ද කැඳ­වී­මට නිය­මි­තය. වැලි­කඩ පොලි­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එච්. හේවගේ මහ­තාගේ උප­දෙස් මත විම­ර්ශන සිදු කෙරේ.