බොට්ස්වානා රාජ්‍යයේ මැති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂ­යට අන්ත පරා­ජ­යක්-වසර 58කට පසු රාජ්‍ය බලය බිඳවැටෙයි

දකුණු අප්‍රි­කානු කලා­පයේ රාජ්‍ය­යක් වන බොට්ස්වානා හි පසු­ගි­යදා පැවැති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂය වන බොට්ස්වානා ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පක්ෂය අන්ත පරා­ජ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1966 සිට අඛ­ණ්ඩව එරට පාල­නය කරන බොට්ස්වානා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත්වූයේ වසර 58කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. දිය­මන්ති ආකර සඳහා ලොව ප්‍රකට රාජ්‍යය වන බොට්ස්වානාහි පාලක පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කර ඇත්තේ ආසන 4ක් පම­ණක් බවත්, නව රජය පිහි­ටු­වී­මට අවශ්‍ය බහු­තර ආසන සංඛ්‍යා­වක් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෙන­සක් සඳහා වන යූඩීසී පක්ෂ­යට ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

තම පක්ෂය දරුණු පරා­ජ­යක් අත්කර ගත් බව බොට්ස්වානා රාජ්‍යයේ ජනා­ධි­පති මොක්ග්වීට්සි මසීසී මැති­ව­ර­ණ­යෙන් පසු ප්‍රකාශ කර ඇති අතර, මැති­ව­රණ ප්‍රති­ඵල පිළි­ග­නි­මින් නව රජ­යට සුබ පතන බව ද ප්‍රකාශ කර තිබේ.