දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් ඡන්ද සමයේ මහ ජන­තාව පීඩා­වට පත් නොක­රනු ඇතැයි බලා­පො­රොත්තු වනවා-ඇමැති විජිත හේරත්

මෙවර මැති­ව­රණ කාල සීමා­වේදී දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් මහ­ජ­න­තාව පීඩා­වට පත් පන ක්‍රියා­මා­ර්ග­ව­ලින් වැළකී සිටුනු ඇතැයි බලා­පො­රොත්තු වන බව ජාතික ඒකා­බ­ද්ධතා සහ සමාජ ආර­ක්‍ෂණ සහ ජන­මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැව­සීය.

දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ වෘත්තිය ක්‍රියා­මා­ර්ගය සම්බ­න්ධ­යෙන් විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් අමා­ත්‍ය­ව­රයා ඊයේ (1) සඳ­හන් කළේ මැති­ව­ර­ණය අව­සන් වූ වහා දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් දීමට පිය­වර ගන්නා බවයි.

දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ ගැටලු සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා මෙසේද කීය:

“දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ බඳ­වා­ගැ­නීමේ ක්‍රම­වේ­දය සහ වසර පහෙන් පහට උසස් වීමේ ක්‍රම­වේ­දයේ ගැට­ලු­වක් පව­තින බව අප දැක තිබෙ­නවා. මේක අද ඊයේ ඇති වූ ප්‍රශ්න­යක් නෙවෙයි; කාල­යක් තිස්සේ මතු වන ගැට­ලු­වක්. අද පව­තින්නේ මැති­ව­රණ කාල­සී­මා­වක්. ඒ මැති­ව­රණ කාල­සී­මා­වේදී මේ ගැට­ලුව මුළු­ම­නින්ම විස­ඳන්න පුළු­වන් තත්ත්ව­යක් නැහැ. එයට විවිධ ගැටලු මතු වී තිබෙ­නවා. ඒ නිසා මැති­ව­රණ කාල සීමාව අව­සන් වූ වහා දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ ගැට­ලු­ව­ලට ස්ථිර විස­ඳු­මක් දීමට බලා­පො­රොත්තු වෙනවා. පැවැත්වූ සාක­ච්ඡා­ව­ලදී දැන­ට­මත් බොහෝ සහන සලසා දී තිබෙ­නවා. මතු වූ ගැට­ලු­ව­ලට විස­ඳුම් රැසක් දැන­ට­මත් දී තිබෙ­නවා. ඉදි­රි­ය­ටත් ඒ කට­යුත්ත සාර්ථ­කව කරන්න බලා­පො­රොත්තු වෙනවා. මෙවැනි මැති­ව­රණ කාල­සී­මා­ව­ලදී දුම්රිය මඟීන්ට පීඩා ගෙන දෙන එක සුදුසු නැහැයි කියා අප හිත­නවා. දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් මහ­ජ­න­තාව පීඩා­වට පත් වන ක්‍රියා­මා­ර්ග­ව­ලින් වැළකී සිටියි කියා අපි බලා­පො­රොත්තු වෙනවා.”