තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවැනි දිනත් සාම­කා­මීයි-මැති­ව­රණ කොමි­සම

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දින­යේත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාම­කා­මීව සිදුවූ බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

ඊයේ පෙර­වරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආය­ත­න­ව­ලදී ඒ සඳහා පහ­සු­කම් සලසා තිබුණි.

මෙවර මහ මැති­ව­ර­ණයේ තැපැල් ඡන්දය සඳහා සුදු­සු­කම් ලබා ඇති රාජ්‍ය සේව­ක­යන් සංඛ්‍යාව 7,38,000කට අධික විය.

ලබන 4 වැනිදා අනෙ­කුත් රජයේ නිල­ධා­රින්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වෙන් කර ඇත.

තැපැල් ඡන්දය නිරී­ක්ෂ­ණ­යට නිරී­ක්ෂ­කයෝ 1000ක් යෙද­වී­මට පැෆ්රල් සංවි­ධා­නය පිය­වර ගෙන තිබුණි.