ත්‍රිකු­ණා­ම­ල­යේදී දුම්රි­යට බිලි වුණේ තඹ­ල­ග­මුව ප්‍රා/සභා අපේ­ක්ෂ­ක­යෙක්

කන්තලේ දුම්රිය ස්ථාන­යට නුදු­රින් දුම්රිය මාර්ග­යේදී ත්‍රිකු­ණා­ම­ලයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගත් ශීඝ්‍ර­ගාමී දුම්රියේ හැපී තඹ­ල­ග­මුව ප්‍රාදේ­ශීය සභා­වට තරග කිරී­මට නාම­යෝ­ජනා භාරදී සිටි තරු­ණ­යකු පෙරේදා (31) පස්ව­රුවේ මිය­ගිය බව කන්තලේ මූල­ස්ථාන පොලි­සිය කියයි .

මෙලෙස මිය­ගොස් ඇත්තේ තඹ­ල­ග­මුව, ගල් මැටි­යාව පදිංචි කසුන් රංගන නමැති ජල සම්පා­දන මණ්ඩ­ලයේ සේවය කරන අයෙකි. මිය­ගිය අය 2023 වසරේ පැවැ­ත්වී­මට යෝජි­තව කල්දැ­මුණු පළාත් පාලන මැති­ව­ර­ණ­යට තඹ­ල­ග­මුව ප්‍රාදේ­ශීය සභා­වට තරග කිරීම සඳහා නාම­යෝ­ජනා භාරදී තිබූ අයකු බවද පොලී­සිය සඳ­හන් කරයි.

මිය­ගිය අයගේ සිරුර දුම්රිය රියැ­දුරු විසින් කන්තලේ දුම්රිය ස්ථාන­යට භාර­දෙනු ලැබ තිබූ අතර, මෙම මර­ණය හදිසි අන­තු­රක්ද නැත­හොත් සිය­දිවි නසා ගැනී­මක්ද යන්න පිළි­බ­ඳව පරී­ක්ෂණ පැවැ­ත්වෙන බව කන්තලේ මූල­ස්ථාන පොලි­සිය කියයි. පශ්චාත් මරණ පරී­ක්ෂණ පැවැ­ත්වීම සඳහා මළ සිරුර කන්තලේ මහ රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තිබේ.