අල්ලස් කොමිෂන් සභාවට 2023 වර්ෂයේ ලද පැමිණිලි අතරින් විමර්ශනය සඳහා නියෝග ලැබී ඇත්තේ පැමිණිලි 1,152ක් පමණක් බවත් අල්ලස් පනතට අදාළ නොවන පැමිණිලි 766න් විමර්ශන නොකිරීමට තීරණය වී ඇති බව අල්ලස් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවෙන් අනාවරණය වේ.
එම වර්ෂයේ ලද පැමිණිලි අතර එකම කරුණකට අදාළව අවස්ථා කිහිපයකදී ලද පැමිණිලි ඇති බවත් එවන් පැමිණිලි 253ක් ඇති බවත් එහි සඳහන්ය.
පැමිණිලි කමිටුව වෙත ලද පැමිණිලි අතරින් ඉදිරිපත්කර ඇත්තේ පැමිණිලි 2,789ක් පමණි. විමර්ශන සඳහා විමර්ශන අංශයට නියෝග ලැබී ඇත්තේ පැමිණිලි 1,152ක් වන අතර විමර්ශන නොකිරීම සඳහා පැමිණිලි 766ක් සම්බන්ධයෙන් නියෝගද ලැබී තිබේ. ඊට අමතරව පැමිණිලි 613ක් කොමිෂන් සභා පනතට අදාළ නොවූ බැවින් අදාළ ආයතන වෙත යොමු කර ඇත. ඒ හැරුණු කොට වෙනත් ආයතනවලින් හා නීති අංශයෙන් වාර්තා කැඳවීම් 258ක් ඇති බව ද කාර්ය සාධන වාර්තවේ සඳහන්ය.