ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යයන් සහ අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමට, ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යාංශය ලබාදෙන ලද සහයෝගයට සිය කෘතඥතාව පළ කරන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහත්මිය කියා සිටියාය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහත්මිය සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය අතර අගමැති කාර්යාලයේ ඉකුත්දා (30) පැවැති හමුවේදී සිම්ප්සන් මහත්මිය එසේ ප්‍රකාශ කළාය. කම්කරු ප්රමිතීන්, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ සංවාද වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධාන අතර පවතින සහයෝගීතාව යළි තහවුරු කිරීමක් මේ හමුවේදී සිදුවිය.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, කාන්තාවන් ආරක්ෂා කිරීමට කම්කරු නීති සමාලෝචනය කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව සහ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම කරමින් කාන්තාවන්ට ගුණාත්මක රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මේ සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී. වසන්තන්, එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.