වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙසත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය අවධාරණය කළේ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) පුද්ගල දත්ත සහ මූල්‍යමය තොරතුරු ලබාගනිමින් සිදු කෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව වාර්තා වන බවයි.
ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ලබාදීම ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ එස්.එම්.එස්. පණිවුඩ සහ වට්ස්ඇප් පණිවුඩ මඟින් ඕ.ටී.පී මුරපද (Password) තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ජනතාව ප්‍රවේසම් විය යුතු බව ද එම සංසදය වැඩිදුරටත් දැනුම් දෙයි.
ව්‍යාජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, එස්.එම්.එස්. සහ වට්ස්ඇප් මඟින් එවනු ලබන පණිවුඩ හරහා සයිබර් ජාවාරම්කරුවන් මෙම වංචා සිදු කරන අතර, එලෙස ලබාදෙන ලින්ක්ස් වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකතනවල ඇති දත්ත සොරාගැනීමෙන් විවිධ අපචාර සඳහා මෙන්ම මුදල් වංචාද සිදු කරන බව නිරීක්ෂණය වී ඇත.
විශේෂයෙන්ම වට්ස්ඇප් පණිවුඩ මඟින් එවනු ලබන ඕ.ටී.පී. මඟින් වට්ස්ඇප් ගිණුම් අපරාධකරුවන්ගේ පාලනයට ගැනෙන අතර, ඊට පසු එම වට්ස්ඇප් ගිණුම් යොදා ගෙන විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතුද සිදු කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.