ශ්‍රී ලංකාව අප­රා­ජි­තව අර්ධ අව­සන් වට­යට

හොංකොං ක්‍රිකට් විසින් සංවි­ධාන කරන ‘හොංකොං සික්සර්ස් 2024’ ජාත්‍ය­න්තර සය සාමා­ජික ක්‍රිකට් තර­ගා­ව­ලියේ අප­රා­ජි­ත­යන් ලෙස අර්ධ අව­සන් පූර්ව වට­යට පිවි­සී­මට ළහිරු මදු­ෂං­කගේ නාය­ක­ත්ව­යෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩා­යම අද නේපා­ල­යට එරෙ­හිව අර්ධ අව­සන් තර­ග­යට එක්වෙයි. තර­ගා­ව­ලියේ අව­සන් තරග හෙට (3) පැවැ­ත්වී­මට නිය­මි­තය.

ඊයේ ආරම්භ වූ තර­ගා­ව­ලියේ මූලික වට­යේදී ‘ඩී’ කාණ්ඩ­යෙන් තරග කළ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ පළමු තර­ග­යෙන් ඕමා­නය කඩුලු 4කින් පරා­ජය කළ අතර, දෙවැනි තර­ග­යේදී බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ලකුණු 18ක ජයක් හිමි කර ගත්තේය.

බංග්ලා­දේ­ශ­යට එරෙහි තර­ග­යේදී පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 107ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හමුවේ බංග්ලා­දේ­ශ­යට ඕවර 6 අව­සා­නයේ කඩුලු 3ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 89ක් පමණි.

බංග්ලා­දේ­ශය වෙනු­වෙන් මොහො­මඩ් සයි­ෆු­ඩීන් පන්දු 17කදී හතරේ පහ­රක් සහ හයේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර, ජිෂාන් අලාම් පන්දු 13කින් ලකුණු 27ක් රැස් කළේය. පන්දු යැවී­මේදී ළහිරු සම­ර­කෝන් ලකුණු 26කට කඩුලු 2ක් බිඳ­දැමූ අතර, ධනං­ජය ලක්ෂාන් ලකුණු 13කට කඩු­ල්ලක් දවා ගත්තේය.

නායක ළහිරු මදු­ෂංක පන්දු 17කින් නොදැවී ලකුණු 48ක් රැස් කර­මින් තර­ගයේ වීරයා ලෙස සම්මාන දිනා­ගත් අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 5කින් වර්ණ­වත් විය. තනුක දාබරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 12කින් ලකුණු 32ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩු­ල්ලට ලකුණු 79ක් එක් කළේ පන්දු 26කිනි. පන්දු යැවී­මේදී ජිෂාන් අලාම් කඩුලු 2ක් බිඳ දැම්මේය.

පළමු තර­ග­යේදී ඕමා­නය ලකුණු 80කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ ඕවර 4.1කදී කඩුලු 2ක් දැවී ජය තහ­වුරු කර ගත්හ.

සඳුන් වීර­ක්කොඩි ලකුණු 28ක් සහ තනුක දාබරේ ලකුණු 18ක් රැස් කළේ පන්දු 7කට බැගින් මුහුණ දෙමිනි. ළහිරු මදු­ෂංක පන්දු 5කින් නොදැවී ලකුණු 15ක් සහ ළහිරු සම­ර­කෝන් පන්දු 6කින් නොදැවී ලකුණු 20ක් රැස් කර­මින් ජය තහ­වුරු කර ගත්හ.

‘ඩී’ කාණ්ඩ­යෙන් තරග කළ බංග්ලා­දේ­ශය එක් ජයක් සමඟ අර්ධ අව­සන් වට­යට පිවිසි අතර, ඕමා­නය තර­ගා­ව­ලි­යෙන් ඉව­තට විසි­විය.

ඊයේ පළමු දිනය නිමා වන විට පාකි­ස්තා­නය ‘සී’ කාණ්ඩ­යෙන් සහ දකුණු අප්‍රි­කාව ‘ඒ’ කාණ්ඩ­යෙන් අප­රා­ජි­ත­යන් ලෙසත්, ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථාන­යෙන් සත්කා­රක හොංකොං පිලත් අර්ධ අව­සන් වට­යට එක් විය. මූලික වටය යටතේ ‘බී’ කාණ්ඩයේ ඔස්ට්‍රේ­ලි­යාව – නේපා­ලය සහ ‘සී’ කාණ්ඩ­යෙන් එක්සත් අරාබි එමීර් – ඉන්දි­යාව අද තරග වැදී­මට නිය­මි­තව තිබිණි.

කෙසේ වෙතත් පිළි­වෙ­ළින් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ­ව­ලින් තරග කළ නව­සී­ල­න්තය සහ එංග­ල­න්ත­යට අර්ධ අව­සන් වටය අහිමි වී තිබිණි. මේ කණ්ඩා­යම් දෙක සමඟ ඕමා­නය සහ ‘සී’ කාණ්ඩයේ තෙවැනි ස්ථාන­යට (එමීර් හෝ ඉන්දි­යාව) පලඟ ශූර­තාව වට­යට තරග වැදී­මට නිය­මි­තය.