වෘත්තීය පුහුණු අධිකාරිය හරහා ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් පුහුණු කිරීමේ වැදගත්කම අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා වෙත අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය අතර අගමැති කාර්යාලයේ ඉකුත්දා (30) පැවැති හමුවේ දී අගමැතිනිය මේ බව සඳහන් කළාය.
මේ හමුවේදී ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත තහවුරු කෙරුණු අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.
ඉතාලියේ විදේශ රැකියා අවස්ථා සහ පුහුණු සංක්‍රමණිකයන්ට දිය හැකි අවස්ථා පිළිබඳව මේ හමුවේදී සාකච්ඡා කෙරිණි. සංචාරකයන් සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර මෙරට ආර්ථික සංවර්ධනයට එවැනි ආයෝජකයන්ගේ සහ සංචාරකයන්ගේ දායකත්වය පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කෙරිණ.
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය ඇල්බර්ටෝ ආර්සිඩියාකෝනෝ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ඉසුරිකා කරුණාරත්න මහත්ම මහත්මිහු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.