ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ, එරට පවතින ගැටුම් සමනය වනතුරු එම රට සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි නොකරන බවයි.
පවතින තත්වය මත ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.
මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 7400 ක් පමණ සේවය කරයි.
පවතින යුධමය තත්ත්වයත් සමඟ ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, යළි ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය.
තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව, ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය ඔක්තොම්බර් 27 දින ආරම්භ කළ බවයි.