කන්තලේ දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගයේදී ත්රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගත් ශීඝ්රගාමී දුම්රියේ හැපී තඹලගමුව ප්රාදේශීය සභාවට තරග කිරීමට නාමයෝජනා භාරදී සිටි තරුණයකු පෙරේදා (31) පස්වරුවේ මියගිය බව කන්තලේ මූලස්ථාන පොලිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ තඹලගමුව, ගල් මැටියාව පදිංචි කසුන් රංගන නමැති ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන අයෙකි. මියගිය අය 2023 වසරේ පැවැත්වීමට යෝජිතව කල්දැමුණු පළාත් පාලන මැතිවරණයට තඹලගමුව ප්රාදේශීය සභාවට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී තිබූ අයකු බවද පොලීසිය සඳහන් කරයි.
මියගිය අයගේ සිරුර දුම්රිය රියැදුරු විසින් කන්තලේ දුම්රිය ස්ථානයට භාරදෙනු ලැබ තිබූ අතර, මෙම මරණය හදිසි අනතුරක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව කන්තලේ මූලස්ථාන පොලිසිය කියයි. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා මළ සිරුර කන්තලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.