යුද්ධයෙන් අවතැන්වූ පලස්තීන ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ඉන්දීය රජය ටොන් 30ක වෛද්‍යාධාර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධ තොගයක් ද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ පලස්තීන ජනතාවට ඉන්දීය රජය අඛණ්ඩව සහාය දක්වන බවය. ඒ අනුව පළමු වෛද්‍යධාර තොගයට ටොන් 30ක ඖෂධ, වෙනත් වෛද්‍ය පහසුකම් හා ආහාර ඇතුළත් වූ බව ද වාර්තා වේ. මීට අමතරව අධිශක්තිජනක බිස්කට් වර්ග, සැත්කම් උපකරණ, දන්තාලේප නිෂ්පාදන හා සාමාන්‍ය ඖෂධ වර්ග ද එම ආධාර තොගයට ඇතුළත් වී තිබේ. පලස්තීන ජනතාවට මේ ආධාර තොගය ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය හරහා බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.