හෙද සේවාව මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

හෙද සේවාව මුහුණ දෙන ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ , රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය , ලේකම් අජිත් රත්නායක , උප සභාපති නාලක හෙට්ටිආරච්චි , උප ලේකම්වරුන් වන සමීර පතිරණ , රේණු ජයසිංහ , සංවිධායක පර්නි සිල්වා , කාරක සභිකයින් වන සංද්‍යා කුමාරි , නදී රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ එම සංගමය නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ .