නීති විරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද යතුරු පැදි 03 ක්, යතුරු පැදි එන්ජින් 06ක්, අඩක් නිම කරන ලද යතුරු පැදියක් සහ තවත් යතුරු පැදි අමතර කොටස් සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රංගම්මුල්ල ප්රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ
සැකකරු වයස අවුරුදු 40 ක් වූ සැකකරු වයික්කාල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙන්නප්පුව පොලිස් ස්ථානය මෙම ගෙන්වීම් සහ අලෙවිකිරීම් සහ සැකකරු විසින් සිදුකර ඇති වෙනත් අපරාධ අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා