පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනයට අද (01) සිදු කෙරෙනවා
ඒ අනුව ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ
එමෙන්ම තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල දී ලබන 7 සහ 8 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා