Month November 2024

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට(05) කොළඹට කැඳවා තිබේ. ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට මෙසේ කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදට (04) යෙදී තිබේ. පසුගිය ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී…

මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය

දේශ­පා­ලන සාක්ෂ­ර­තාව යනු මැති­ව­රණ සහ රාජ්‍ය ක්‍රියා­ව­ලින් අව­බෝධ කර ගැනීම, දේශ­පා­ල­නයේ නියැ­ළෙන ආකා­රය දැන­ගැ­නීම සහ විවිධ දෘෂ්ටි­ ­ණ­යන් ඇග­යීම සඳහා විවේ­ච­නා­ත්මක චින්තන කුස­ලතා ඇතුළු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට සහ­භාගි වීමට අවශ්‍ය කුස­ලතා සමූ­හ­යයි. දේශ­පා­ලන සාක්ෂ­ර­තා­වය  ති කිරීම සහ වැඩි­දි­යුණු කිරීම වහා කළ යුතුයි.…

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

2024 (2025) අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමල ධීවරයන්ට ආධාර

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (03)  ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය. දිස්ත්‍රික්කයේ ධීවර සංගම් 21ක් ඇතුළත් වන ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලබා දුන්…

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අද (04) වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා…

ලාෆ්ස් ගෑස් මිල ගැනත් දැනුම් දීමක්

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම දැනුම් දෙයි. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි -10 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ Lewotobi Laki-laki ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිනි කන්ද අවට සිටින පිරිස් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනි කන්දේ සිට…

සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් තිදෙනෙකු යළි පෘථිවියට

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක සිය රාජකාරි කටයුතු අවසන් කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණ ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා. Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා රැගත් Shenzhou-18 අභ්‍යවකාශ…

මන්නා රමේෂ් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජයෙක් බව කියන රමේෂ්ප්‍රිය ජනක නොහොත් මන්නා රමේෂ් අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ඒ අනුව අදාළ සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ අනතුරුව දැඩි…