Month October 2024

ශානක එළියට භානුක ඇතුළට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. අගමැතිනි හා ක්‍රීඩා ඇමැතිනි හරිනි අමරසූරිය මෙනවියේ අනුමැතිය හිමිවූ මේ සංචිතයට චරිත් අසලංකගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත් කර…

කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීමට රජයේ විශේෂ අවධානය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ආංශික උපදේශන සභා මගින් ආවරණය කරනු ලබන කර්මාන්ත ක්ෂේත්‍රවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව හා මේ වනවිට එම අංශ මුහුණදී තිබෙන ප්‍රධාන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා…

යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් රැසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක…

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ. මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩලය, 1. සරත් ගනේගොඩ (සභාපති)2. බුද්ධික හේවාවසම්3. සුගත්…

එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් අද ශ්‍රී ලංකාවට එයි

ශ්‍රී ලංකා – එක්සත් ජනපද ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව පසුගිය 2021 න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම…

බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න-විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

පසුගිය කාල සීමාවේදී මෙරට ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා සහ බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර වගකිව යුතු දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය…

ලොවක් දන්නා TATA සමූහ ව්‍යාපාරයෙහි සභාපති “රතන් ටාටා” ජීවිතයට සමු දෙයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය. වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ‘රතන් ටාටා’ ඉකුත් සඳුදා සිට මුම්බායි…

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදෙයි

මිනිස් සිරුරේ සියලු සෛලවල ඇති ප්‍රෝටීන පිළිබඳ විස්මිත පර්යේෂණයක් සිදු කළ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, ජෝන් ජම්පර් සහ එංගලන්ත ජාතික ඩෙමිස් හසාබිස් විද්‍යාඥයන් මෙවර රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රෝටීන පරිඝනක ආකෘතියක්…

මෛත්‍රීට අතුරු තහනමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව මඟින් එම පක්ෂය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට…