Month October 2024

ආසියානු නෙට්බෝල් අනුශූරියෝ ශ්‍රී ලංකාවට එති-නෙට්බෝල් පරිපාලනය බිඳ වැටිලා කඹ ඇදිලි විතරයි: මාස 6ක් මට පඩි දුන්නෙත් නෑ – පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ මීළඟ අදියර 2026දී හොංකොංහිදී පැවැත්වීමට ආසියානු නෙට්බෝල් සංගමය තීරණය කරයි. එමෙන්ම ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය එළැඹෙන වසරේ ජූනි මාසයේදී දකුණු කොරියාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිමාව දුටු ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාව දිනාගත්…

යෙවාන් ඩේවිඩ්ට වාර්තාගත ෆෝමියුලා ජයක්

ශ්‍රී ලංකාවේ නැඟී එන යොවුන් ෆෝමියුලා මෝටර් රථ තරග ධාවන ශූරයකු වන යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා ජාත්‍යන්තර විවෘත තරගාවලියේ ජයග්‍රහණයක් අත්කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය. පසුගියදා ඉතාලියේ මොන්සා නුවර පැවැති මේ තරගමාලාවට පළමුවරට සහභාගි වූ 17 හැවිරිදි යෙවාන්…

කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළින්ම

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පිතිකරුවන් අතර ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ. මෙවර ශූරතාවලියේදී (2023-25) කමිඳු 94.30ක ලකුණු රැස් කිරීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන ඇති අතර, ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් සෑම…

ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක තේරීම 10 දා-ක්‍රීඩකයකුට වැඩිම ලංසුව රුපියල් කෝටි 1.5ක්

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වේ. වෙන්දේසියකින් තොරව එදින ටී10 ක්‍රිකට් ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වෙන අතර, කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් දෙසැම්බර් 12 දා තරගාවලිය ආරම්භ වේ. දේශීය හා ජාත්‍යන්තරයේ නම…

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එයි

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු ශූරතාවලියේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි­‍ෙය්ය. “අවසාන මහා තරගය ක්‍රීඩා කරන්න ලැබුණේ ස්ලෝ විකට්ටුවක. ඒ වගේම අපි බැට් කරන කොට, පවර් ප්ලේ අවස්ථාව වනවිට අපේ මුල් පෙළේ ක්‍රීඩකයින් 4 දෙනෙකුම…

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ක්‍රීඩිකාව ස්පාඤ්ඤයෙන්

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ හා මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය. වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය ස්පාඤ්ඤ ක්‍රීඩිකා අයිටානා බොන්මාටි දිනා ගත්තාය. 28…

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහනම් කරයි-රටවල් රැසකින් විරෝධය

ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමේ පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක අටක් පැරැණි පලස්තීන සරණාගතයන්ට සහන සැලසීමේ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය තහනම් කිරීමෙන් මිලියන ගණනාවක පලස්තීනුවන්ගේ ජිවිත අනතුරේ බව ප්‍රකාශ කරමින්…

මානව හිමිකම් චෝදනාවට ලක්වූ පාකිස්තානය පොදුරද මඬුල්ලෙන් නෙරපීමේ ඉල්ලීමක්

පාකිස්තානයේ ක්‍රියාත්මක වන ආගමික අපහාස නීතිය අවභාවිත කිරීම, ඒ යටතේ දඬුවම් ලබාදීම සහ සුළුතර ආගමික ප්‍රජාවට සිදුවන හිංසා කිරීම් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් පාකිස්තානයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වය අත්හිටුවන ලෙස යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒකාබද්ධව ඉල්ලීමක් කර ඇතැයි…

චීන විමුක්ති හමුදා ගුවන්යානා 12ක් තායිවාන අහසේ

චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා සහ නාවික යාත්‍රා රැසක් යළිත් වරක් සිය දේශසීමාව ආක්‍රමණය කළ බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගුවන්යානා 12ක් සහ නාවික යාත්‍රා 5ක් තායිවාන…

ලන්ඩන් නුවර ටොන් 24ක චීස් මංකොල්ලයක්-චීස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 11යි

නීත්‍යානුකුල වෙළෙඳ සමාගමක් ලෙස පෙනී සිටිමින් එංගලන්තයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගත් ප්‍රකට චීස් වෙළෙඳ සමාගමකින් චීස් ටොන් 24ක් කොල්ලකෑමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රංශයේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක් සඳහා නියෝජිතයකු විසින් ඇණවුම් කරනු ලැබූ බවට අඟවමින් ජාවරම්කරුවන් විසින් එම…