Month October 2024

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය ගැන අධිකරණය දුන් තීන්දුව

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා බාධා කිරීම් හෝ මැදිහත්වීම් වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ගම්පොල  ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි. ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින් පෞද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය…

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ඉවතට

මාස 6ක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙයි. රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට…

කළුතර මුහුදු රළ ගොඩ බිමට එයි

කළුතර උතුර ප්‍රදේශයේ අද  (16)  අළුයම මුහුද රළ ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි . කළුතර කැලිඩෝ වෙරළ තීරයේ  කිලෝමීටරයටකට ආසන්න දුරක  නිවාස 200 කට ආසන්න ප්‍රමාණයකට , සංචාරක නිවාඩු නිකේතන රැසකට , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි…

පාස්කු වාර්තා එළියට දාන්න විජිත ගම්මන්පිලට දින 3ක් දෙයි

පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා උදය ගම්මන්පිල මහතා ළඟ තිබේ නම්, එම වාර්තා ලබාදීමට ඒ මහතාට දින 03ක් කල් දෙන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති…

ලේ දෙන්න ආ 1327කට ඒඩ්ස්

රුධිර පාරවිලයන කටයුතුවලදී පමණක් පසුගිය වසරේදී ඒඩ්ස් ආසාදිතයන් 1327 දෙනකු මෙරටින් අලුතින් වාර්තා වී ඇති බව වයඹ පළාත් ඒඩ්ස් මර්දන කමිටුවේ ලේකම් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාතික ඒඩ්ස් මර්දන දිනය…

ජාත්‍යන්තර සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැලඳවීම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය යෙදී තිබුණේ ඊයේ (15)…

නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේ දී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න මහතා හදිසි අනතුරක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. මුහුදේ දිය නාමින් සිටිය දී දියේ ගිලීම හේතුවෙන් ඒ මහතා මියගොස් තිබෙන බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ…

ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නව සභාපති කිත්සිරි ධර්මප්‍රිය

කිත්සිරි ධර්මප්‍රිය මහතා, ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. ඒ මහතා රම්බඩගල්ලේ පිහිටි NAQDAහි විසිතුරු මත්ස්‍ය අභිජනන සහ පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා ද වන අතර, 2004/2005 වසරවලදී ද ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා…

සුළි කුණාටුවෙන් විපතට පත් මියන්මාර් ජනතාවගේ ප්‍රයෝජනයට ලංකා තේ තොගයක් පරිත්‍යාග කෙරේ

සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් මියන්මාර් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලංකා තේ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. මියන්මාරයේ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙන අතර…

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව…