Month October 2024

දුම්රිය ධාවනයට බාධා – මගීන්ට දැනුම්දීමක්

මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද (17) දිනයේ දී අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දෛනිකව මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 06කි. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා…

වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

අයි.එම්.එෆ්. රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. සමගි ජන බලවේග…

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මහමැතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඒ සඳහා වෙනත් කිසිදු දේශපාලන හේතුවක් බලපා නැති බවත් මහමැතිවරණයක් ආසන්න මොහොතක සමගි වනිතා බලවේගයේ…

ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට ජගත් සේරම්

ගාලු දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් සේරම් මහතා පත්කර තිබේ. මින්නේරිය මධ්‍ය මහා විදයාලයේ ආදි සිසුවකු වන ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේම 1999 වසරේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස…

ඉතිහාසය අලුත් කළ සිංහයෝ කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරගාවලිය දිනති

ශ්‍රී ලංකා – කොදෙව් ද්වීපාර්ශ්වික විස්සයි20 තරග ඉතිහාසය වෙනස් කරමින් සිය පළමු තරගාවලි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත් වූහ. දෙපිල අතර මෙතෙක් පවත්වා තිබූ තරගාවලි ත්‍රිත්වයක ඉතිහාසයේ එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව…

ඊශ්‍රායලය හමාස් නායකයා මරාදමයි

හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කර ඇත. ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමාස් සංවිධානයේ නායකයාව ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඝාතනය කරන ලද බව ඔහු…

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙනවා-ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුමට එක්වෙමින් ඉන්දීය අගමැති කියයි

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන් හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුම සඳහා එක්වෙමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සදහන් කර තිබේ.…

බංග්ලාදේශ අධිකරණයකින් ශෙයික් හසීනාට වරෙන්තු

මීට මාස දෙකකට පෙර සිදුවූ සරසවි ශිෂ්‍ය අරගලය අතරතුර රටින් නික්ම ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයකින් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතා අතරතුර සරසවි සිසුන් හා සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනයට ලක්වූ…

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ…

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට සහාය දෙනවා-ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂල්ක් මහතා පැවැසීය. අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය වෙත දකුණු අප්‍රිකානු රජයේ සුබපැතුම් එක් කරමින් පසුගිය (15) වැනිදා…