Month October 2024

T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය. කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන්…

අසලංක-මධුෂ්ක ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

නායක චරිත් අසලංක සහ සිය මංගල එක්දින ඉනිම ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ගොඩනැඟූ ශතක සබඳතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක ජයක් හිමි…

ශ්‍රී ලංකාවට ඕවර 37කදී ලකුණු 232ක ඉලක්කයක්-නිශාන් මධුෂ්ක එක්දින වරම්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පැය තුනහමාරකට ආසන්න කාලයක් අහිමි විය. මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර…

‘කාගෙවත් කනට ගැහුවේ නෑ චෝදනා පදනම් විරහිතයි’- බංග්ලාදේශයෙන් පිටව යන හතුරු කියයි

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය නියමිත කාලයට පෙර අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි. පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩකයකුගේ කනට පහරදීමක් කළ බවට නැගෙන චෝදනා හා තම කොන්ත්‍රාත්තුවේ නියම කර ඇති ප්‍රමාණයට වඩා වැඩි…

නවසීලන්තයට ඉන්දියාවේදී වසර 36කට පසු ටෙස්ට් ජයක්

ඉන්දීය කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙය ඉතිහාසයට එක් වූයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් වසර 36කට පසු ඉන්දීය භූමියේදී වාර්තා කළ ටෙස්ට් ජය ලෙසිනි. තරගයේ පළමුව පන්දුවට පහර දුන්…

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං ජාතික කණ්ඩායමට එරෙහිව ලකුණු 42ක ජයක් වාර්තා කළේය. ඊයේ ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන්…

සුළි කුණාටුවක් කියුබාවට අත වනයි

ගිනිකොනදිගින් බහමාස් රාජ්‍යයට කඩා වැදුණු ‘ඔස්කාර්‘ සුළි කුණාටුව ඊයේ කියුබාව දෙසට ගමන් කිරීමට පටන් ගත් බව අමෙරිකාවේ මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔස්කාර්‘ සුළි කුණාටුව බහමාස් රාජ්‍යයට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති කළ…

හිටපු හමුදා ජෙනරාල් සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනපති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලතම තුන්වැනි ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දුනීසියාවේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 58% ක විශිෂ්ට ජයක් වාර්තා කළ 73…

අනවසර සංක්‍රමණිකයෝ විසිදෙදහසක් සවුදි අරාබියේදී අත්අඩංගුවට

දේශසීමා ආරක්ෂක නීති හා නේවාසික, කම්කරු නීති උල්ලංඝනය කළ නීති විරෝධී සංක්‍රමණියක් 22,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව සවුදි අරාබියේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 10 වැනිදා සිට 16 වැනිදා දක්වා රට පුරා සිදු කළ…

කැනේඩියානු රජය දෙබිඩි පිළිවෙතක බවට ඉන්දියාවෙන් චෝදනා-ඉන්දීය රජය කැනඩාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කළ බවට අගමැති ටෘඩෝ කියයි

කැනඩාව කේන්ද්‍ර කරගත් ඉන්දීය විරෝධී සික් බෙදුම්වාදීන් ඉලක්ක කරමින් ඉන්දියාව සිය රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇතැයි ද, එමගින් ඉන්දියාව බරපතළ වරදක් සිදු කර ඇතැයි ද කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වය අතර සික් බෙදුම්වාදීන්…