Month October 2024

තැපෑලේ නිවාඩු අවලංගු කෙරේ

ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අද (23) සිට නොවැම්බර් මස 14වැනිදා දක්වා නිවාඩු අවංගු කිරීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් කිසියම් අසනීප තත්ත්වයක් හෝ…

ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ අඩුවක් නෑ

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද…

පළාත් සභා විධිමත් කිරීමට යෝජනා දෙන්නැයි ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

පළාත් සභා යන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය. පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ…

ගම්මන්පිලගේ පාස්කු වාර්තාවට නීතිමය පියවර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් සිදුවී තිබේ දැයි සොයා බැලීමට පත් කළ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ වාර්තාවේ ඇති ඇතැම් කරුණු විකෘති කර ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉහළ පොලිස්…

ජොන්ස්ටන් අද CID එයි

මෙරටදී එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) සමූහ මංකොල්ල විමර්ශනය අංශය හමුවේ පෙනී සිටින බවට…

දිවුරුම්පිටියදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 28ක් රෝහලේ

ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් ඊයේ (22) දහවල් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබු මගින් 28 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත්කර ඇත. කොළඹ සිට සූරියවැව දක්වා ධාවනය කළ බස් රථයක් සහ රත්නපුර සිට කොළඹ දක්වා ධාවනය කළ බස්…

දේශීය හා විදේශීය පක්ෂීන්ට රජදහනක් වූ ආනවිලුන්දාව අනතුරේ

ආනවිලුන්දාව දේශීය හා විදේශීය පක්ෂීන්ගේ රජදහනකි. එහි පහස විඳීමට සැතපුම් දහස් ගණනක් පියාසර කරමින් විදෙස් පක්ෂින් පැමිණීම සිදුවන්නේ දශක ගණනාවක සිටය. එක් පසකින් මහ සයුරත් තවත් ප‍ෙසකින් කළපු පද්ධතියත් තවත් ප‍ෙසකින් දැවැන්ත කඩොලාන පරිසර පද්ධතියත් තවත් ප‍ෙසකින් ඕලන්ද ඇළත් සමඟ…

ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට රතු කුරුසයෙන් ප්‍රථමාධාර

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට ප්‍රථමාධාර සහ වෛද්‍ය ප්‍රතිකාර සහාය දීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය 12 වැනිදා කොලොන්නාව, හංවැල්ල සහ කඩුවෙල ආරම්භ කළ එම වෛද්‍ය සායන වැඩසටහනේ…

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ පිට පිට හතරවැනි ජයත් ලබති-ජපානයට ලකුණු 85-18ක ප්‍රහාරයක්

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට හතරවැනි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ ජපානය ලකුණු 85-18ක් ලෙස පරාජයට පත් කළහ. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ශූරතාවලියේ ජපාන කණ්ඩායම මුල සිට පසු බැසීමකට ලක්වූ අතර, පළමු කාර්තුවේ ලකුණු තත්ත්වය…

ජාත්‍යන්තර ජිම්නාස්ටික් නිලවරණයට උදාර

ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා තරග කිරීමට නියමිතය. ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය හා සමුළුව රටවල් 165ක නියෝජිතයන්ගෙන් සහභාගිත්වයෙන් අද (23) සිට 27 වැනිදා…