Month October 2024

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ආරක්ෂක ලේකම් හමුවෙයි

කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා අද (09) ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා. ඒ ආරක්ෂක මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී Kamoshida මහතා සමඟ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Yuki Yokohari…

ඊශ්‍රායල් රැකියා සම්බන්ධව පැතිර යන කටකතා පිළිබඳව පැහැදිලි කිරීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි…

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ…

ජනපතිට පාප්වහන්සේ සුබ පතයි

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන…

බිත්තර මිල ඉහළට

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, යළි බිත්තර මිල ඉහළ…

නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්

කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම අදාළ සිද්ධිය…

පළාත් කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ  විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව,…

අනාරක්ෂිතභාවයෙන් දරුවන් බේරාගන්න සැලැස්මක් ඕනෑ-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන් මුහුණ දෙන අනාරක්ෂිතභාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ඔවුන් බේරාගැනීමට සැලැස්මක් අවශ්‍ය බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අනාරක්ෂිතභාවය සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් ඉන් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් ඒ…

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -රන්ජන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකියි-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මයික් ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවයි වාර්තා වන්නේ.

චීනය සමඟ අවබෝධතා ගිවිසුම් තුනක්

ශ්‍රී ලංකා චීන සමාජය(Sri Lanka China Society) පසුගියදා චීනයේ පළාත් මහජන සංගම් තුනක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ලැබීය. චීනයේ සිචුවාන් පළාත් මහජන සංගමය (Sichuan Province People’s Association for Friendship with Foreign Countries), ගුවැංෂි පළාත් මහජන සංගමය ( Guangxi Province…