Month October 2024

ඉන්දියාව පාලි බස සම්භාව්‍ය භාෂාවක් කිරීමේ තීරණයට මෙරට සංඝ ප්‍රජාවේ සහ බෞද්ධ විද්වතුන්ගේ ප්‍රසාදය

ඉන්දියාව පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීමේ තීරණයට ශ්‍රී ලංකාවේ සංඝ ප්‍රජාව සහ බෞද්ධ විද්වතුන්ගේ ප්‍රසාදය හිමිව තිබේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ‘සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි’ යන මැයෙන් සංවිධාන කරන ලද…

ගම්මන්පිලට එරෙහි නඩුවක විරෝධතා ගොනු කරන්න දින දෙයි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේ ලිඛිත දේශන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කරන…

පාස්කු වාර්තාවලින් දේශපාලනය කරන්න එපා-හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරයි. අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි…

ඩෙංගු හිස ඔසවයි-අධිඅවදානම් කලාප 7ක්

මෙම දිනයන්හි පවතින වර්ෂාවත් සමඟ සියයට 10.5කින් ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහන් කරයි. මේ මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ 2 වැනි සතියේදී මෙම ඉහළ යෑම සිදුව ඇති බවත් එම සතිය…

ඇල්පිටියේ පුංචි ඡන්දය හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අලුතින් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 48කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි තේරීම් භාර නිලධාරි ගාල්ල දිසා ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය. ඒ සඳහා…

බිත්තරයක් රු.41ට අඩුවෙන් දෙන්න නිෂ්පාදන සංගම් එකඟතාවකට එයි

බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළෙඳපොළට බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ එකඟතාවයකට පැමිණි…

රත්නපුර බස් නැවතුම්පොළේ අපචාර වැළැක්වීමට සී.සී.ටී.වී. කැමරා

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඊට ආසන්න ප්‍රදේශයේදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කාන්තාවන් කිහිපදෙනෙකු සහ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් කොල්ලකෑම් හා සොරකම් සිදු කරන බවට අනාවරණය වීමෙන් පසු ආරක්ෂිත කැමරා ස්ථාපනය කිරීමට සූදානම් වෙයි. පසුගිය මාස තුනක පමණ කාලයේදී මෙවැනි සොරකම්,…

සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම්

පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ජනපති ෂී ජින් පිං පවසනවා. රුසියාවේ Kazan නගරයේ පැවති 16 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන්…

BRICS සමුළුවට චීන, ඉන්දීය රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්

මෙවර රුසියාවේ දී පැවැත්වෙන BRICS රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඔක්තෝබර් 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. රුසියාවේ කසාන් නගරයේ දී පැවැත්වෙන මෙවර 16 වන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 20 කට වැඩි පිරිසක් ආරාධනා ලැබ ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු…

දිවියෙන් සමුගත් “ටාසන්”

“ටාසන්” නමින් විකාශ වූ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 86 වියේ පසු වුණා. 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලය තුළ විකාශය…