Month October 2024

චරිත් අසලංක ධනාත්මක ආකල්ප ඇති නායකයෙක්-වනිඳුගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක තුළ නායකයකු සතුව තිබිය යුතු හොඳම ගුණාංග ඇති බවත්, සියලු දේ පිළිබඳ ධනාත්මක ආකල්පයකින් කටයුතු කිරීම ඔහු තුළ ඇති විශේෂත්වයක් බවත් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කළේය. මේ…

නවකයන් දෙදෙනකු සමඟ නවසීලන්ත පිල 4 දා ශ්‍රී ලංකාවට

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. විස්සයි20 තරග 2ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් මේ සංචාරය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නවසීලන්තය ක්‍රිකට් තේරීම් කමිටුව විසින්…

පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළින් ආසියාවට වාසි ක්‍රීඩා 10ක් කපලා-ඔස්ට්‍රේලියාව බෑ කියද්දී ස්කොට්ලන්තය හා කියයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට තීරණය වෙයි. 2026 වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ග්ලාස්ගෝව්හිදී මේ ක්‍රීඩා උලෙළ පැවැත්වෙන බව පොදු රාජ්‍ය…

වේගවත්ම එක්දින ද්විත්ව ශතකය නවසීලනත්යේ චැඩ් බෝස්ගෙන්

නවසීලනත්යේ චැඩ් බෝස් වේගවත්ම පළමු පෙළ එක්දින ද්විත්ව ශතකයේ ලෝක වාර්තාවට හිමිකම් කියයි, ඔහු නවසීලන්ත දේශීය එක්දින ක්‍රිකට් කුසලානයේ කැන්ටබරි වෙනුවෙන් ක්‍රීඩා කරමින් පන්දු 103කදී ද්විත්ව ශතකයක් සම්පූර්ණ කළේය. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ ඉන්දියාවේ නරේන් ජගදිසන් මෙයට පෙර පන්දු 114කදී…

ඩානා සුළි කුණාටුව ඔඩීෂා ප්‍රාන්තයට කඩා වදී

– ලක්ෂ 10ක ජනතාව ආරක්ෂිත ස්ථානවලට– කොල්කටා ගුවන්තොටුපොළේ පැය 15කට ගුවන් ගමන් අත්හිටුවයි ඉන්දියාවේ බෙංගාල මුහුදු තීරයෙන් ඔඩීෂා ප්‍රාන්තයට ඇතුළුවන බවට අනාවැකි පළ වී ඇති ‘ඩානා’ සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුදුබඩ පළාත්වලින් ඉවත් කිරීම කඩිනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.…

සති දෙකකදී ලෙබනනයේ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි-චන්ද්‍රිකා ඡායාරූප දත්ත පෙන්වා දෙයි

හෙස්බුල්ලා සංවිධානය සමඟ වසරකට ආසන්න කාලයක් දේශසීමා ආසන්නයේ යුද්ධයෙන් සිදුවූ විනාශයට වඩා විශාල හානියක් පසුගිය දෙසතියේදී ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරමාලාවෙන් සිදුවී ඇතැයි චන්ද්‍රිකා තාක්ෂණික රේඩාර් දත්තවලින් පැහැදිලි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 2 වැනිදා…

බ්‍රික්ස් සමුළුවේදී ලෝක නායකයෝ පුටින්ගෙන් යුක්රේනයට සාමය ඉල්ලති

මැදපෙරදිගට හා යුක්රේනයට සාමය උදා කිරීමට පියවර ගන්නා ලෙස රුසියාවේ කසාන් ප්‍රාන්තයේ පැවැති රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුවේදී ඊට සහභාගි වූ ලෝක නායකයන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව හුදෙකලා කිරීමට බටහිර…

ජනපතිවරණයේදී මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පිරිස ගැන ඉදිරි පියවර ගැනීමට යයි

මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් තිදෙනෙක් සහ පක්ෂ 10ක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. ඊයේ (24) සිට එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ අතර ආදායම්…

ගැඹුරු මුහුදේදී අනතුරට ලක් වී ගොඩබිමට රැගෙන ආ ධීවරයා කරාපිටිය රෝහලට

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වූ ධීවරයකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී අනතුරකට…

මහමැතිවරණයට නිරීක්ෂකයෝ 5000ක්-පැෆ්රල් සංවිධානය

පාර්ලිමේන්තු මැතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි. ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිනමිණට පැවැසීය. පසුගිය ජනාධිපතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යෙදවූ බවද හෙතෙම සඳහන් කළේය.