Month October 2024

ලෝක බැංකු නියෝ­ජිත පිරි­සක් නැ’­හිර ආණ්ඩු­කාරවරයා හමු වෙති

ලෝක බැංකු නියෝ­ජිත පිරි­සක් හා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර මහ­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතර හමු­වක් පෙරේදා ත්‍රිකු­ණා­ම­ලය ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. මේ සඳහා නැඟෙ­න­හිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නා­යක, ආණ්ඩු­කාර ලේකම් එල්.පී. මද­නා­යක හා නැඟෙ­න­හිර පළාත් අධ්‍යා­පන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසා­නා­යක මහ­ත්වරු…

ඩානා සුළි කුණා­ටුවේ බල­පෑම් අඩු වෙයි

ඉන්දි­යාවේ බෙංගාල මුහුදු තීර­යෙන් ඔඩීෂා ප්‍රාන්ත­යට ඇතු­ළුවූ ‘ඩානා‘ සුළි කුණා­ටුව අවම අාපදා තත්ත්ව­ය­කින් පසු ක්‍රම­යෙන් පහව යමින් පව­තින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්ව­රුවේ ඔඩීෂා ප්‍රාන්ත­යට කඩා වැදුණු සුළි කුණා­ටු­වෙන් මහා­මාර්ග සහ විශාල ගස් කඩා වැටු­ණද, වාර්තා වූයේ එක්…

සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණයේ තොර­තුරු සොයා පොලි­සිය හෝට­ලය වට­ලයි

ආර්ජ­න්ටි­නාවේ බුව­නෝර්ස් අයර්ස් නුවර හෝට­ල­යක තුන්වැනි මහ­ලෙන් බිමට වැටී ජීවි­ත­ක්ෂ­යට පත්වූ සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණ­යට සම්බන්ධ තොර­තුරු ලබා­ගැ­නී­මට පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පසු­ගි­යදා එම හෝට­ලය වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බුව­නෝර්ස් අයර්ස් අධි­ක­රණ විනි­සුරු ලෝරා බෘනි­යර්ඩ්ගේ…

ඔත්තු බැලීමේ චෝද­නා­වට චීන කාන්තා­වක් ජර්ම­නි­යේදී අත්අ­ඩං­ගු­වට

ජර්ම­නියේ ආර­ක්ෂක කට­යුතු සම්බ­න්ධව ප්‍රධා­න­තම ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යක් වන ලිප්සිග් නුවර ගුව­න්තො­ටු­පොළේ තොර­තුරු චීන බුද්ධි ඒක­ක­යට ලබා­දුන් බවට සැක කරන චීන කාන්තා­වක් එරට පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුව­න්තො­ටු­පොළේ සැප­යුම් සේවා ලබා­දෙන සමා­ග­මක සේවයේ නිර­තව සිටි…

මොසැ­ම්බික් හිටපු ජන­පති යළි ජය ගනී

මොසැ­ම්බික් රාජ්‍යයේ පසු­ගි­යදා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණය දූෂිත බවට එල්ල වූ විප­ක්ෂයේ චෝදනා මැද හිටපු ජනා­ධි­පති ඩැනි­යෙල් චැපෝ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් අත්ක­ර­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොසැ­ම්බික් රාජ්‍යයේ වසර 50කට වැඩි කාල­යක් බලය අත්ක­ර­ගෙන සිටි ෆ්‍රෙලිමෝ පක්ෂයේ අපේ­ක්ෂ­කයා වූ ඩැනි­යෙල් චැපෝ 70%…

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරී­මට මුදල් ඇමැති ලෙස මා ගත් තීර­ණය රජය වහා ක්‍රියා­ත්මක කළ යුතුයි-රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝ­ජි­ත­යන් හමුවේ හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ පව­සයි

මුදල් ඇමැති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරී­මට තමා අනු­මත කර­ගත් නීත්‍ය­නු­කූල කැබි­නට් තීර­ණය වහා ක්‍රියා­ත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳ­හන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝ­ජි­ත­යන් සමඟ කොළඹ මල්…

මෙරට ධීවර අංශයේ ඔරොත්තු දීමේ හැකි­යාව ගොඩ­නැං­වී­මට නව තාක්ෂ­ණය-එ:ජා:ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­න­යෙන් පිය­වර

ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ ඔරොත්තු දීමේ හැකි­යාව ගොඩ­නැං­වී­මට නව්‍ය තාක්ෂ­ණය හඳු­න්වා­දී­මට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) පිය­වර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO), නෝර්වේ රජයේ අර­මු­දල් ඇතිව උසස් සිසි­ලන තාක්ෂ­ණය සහිත සහ ඉන්ධන ඉතිරි කරන…

ශිෂ්‍ය භට බළ­කායේ පුහු­ණුව ලබන අයෙක් සමා­ජ­යට වැඩ­දායී විදි­යට ජීවත් වෙනවා-වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය කළු­තර දී කියයි

“ශිෂ්‍ය භට බළ­කායේ පුහු­ණුව ලබන අයෙක්, තමා ජීව­ත්වන සමා­ජ­යට ගෞර­ව­යක් ලබා­දෙ­මින් සමා­ජ­යට වැඩ­දායී පුද්ග­ල­යකු ලෙස ජීවත් වෙනවා. පොලිස් ශිෂ්‍ය භට බළ­කායේ අර­මුණ වින­ය­ග­රුක සමා­ජ­යක් බිහි කිරීම යැයි වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පෙරේදා (24) කළු­තර දී ප්‍රකාශ කළේය. ඒ…

විදෙස් සංචා­ර­ක­යන් පිරුණු දඹු­ල්ලට දැඩි ආර­ක්ෂා­වක්-හදිසි සෝදිසි කිරීම්

විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ ශීඝ්‍ර වර්ධ­න­යත් සමඟ දඹුල්ල නග­රයේ සහ දඹුල්ල අවට සංචා­ර­ක­යන් ගැව­සෙන ප්‍රදේ­ශ­වල ඊයේ (25) අලු­යම සිට දැඩි ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රෝහණ ගමගේ මහතා පැව­සීය. පසු­ගිය දින කිහි­ප­යට සාපේ­ක්ෂව රංගිරි දඹුලු රජ­මහා විහා­ර­ස්ථා­නය…

තිහි­ලි­වෙ­ට්ටයි ගම්වැ­සි­යන්ට සහ­නා­ධාර ….

කිරාන්හි දුෂ්කර ගම්මා­න­යක් වන තිහි­ලි­වෙ­ට්ටයි ගම්වා­සීන්ට සහ­නා­ධාර ලබා­දීම ඉණෛන්ද කරං­ගල් සංවි­ධා­නය මගින් පසු­ගි­යදා සිදු කෙරිණි. පානීය ජලය, විදු­ලිය, ප්‍රවා­හන පහ­සු­කම් මෙන්ම රැකියා අවස්ථා නැති, වන අලි තර්ජ­න­යට ලක්ව සිටින මේ ග්‍රාමයේ පවු­ල්ව­ලට වියළි ආහාර ද්‍රව්‍ය ලබා­දීම මෙහිදී සිදු විය. ඉණෛන්ද…