Month October 2024

ආචාර්ය නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහ බැංකු අධිපතීන් අතරේ A ශ්‍රේණියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් වසර 2024 ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතර ‘ඒ’ ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබේ. මෙවර A+ ශ්‍රේණියේ ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් තිදෙනකු නම් කොට ඇත. ශ්‍රී ලංකා…

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඊයේ (27) සිට ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. මහමැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු ලබන නොවැම්බර් මස 07 වැනිදා දක්වා නිවෙස් වෙත ගොස් සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති…

පූඬළුඔය පොහොට්ටු රැස්වීමේදී හිටපු මන්ත්‍රී සී.බී.ගේ කතාවට පාක්ෂිකයන්ගේ දැඩි විරෝධය-අපි ආවේ ඔයාගේ කතාව අහන්න නෙවෙයි නාමල් මහත්තයගෙ කතාව අහන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (25) දින පස්වරුවේ කොත්මලේ පූඬළුඔය නගරයේ පැවති මහ මැතිවරණ රැස්වීමකට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සහ අපේක්ෂකයන් කිහිප දෙනකු සභාව ඇමතීමට උත්සාහ කිරීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි…

මහා විහාරීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් සත්කාර සේවා පුහුණුව ලැබූ පිරිසකට සහතික පත්

අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සාහිත්‍ය ශූරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන්ගේ සංකල්පයකට අනුව අරම්භ කරන ලද මහා විහාරීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් සත්කාර සේවා පුහුණුව ලැබූ පිරිසක් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය…

අපට හිටිය වටිනාම වස්තුව මොහොතකින් අහිමි වුණා – පියා හැඬූ කඳුළින් කියයි

“මගේ පුතාට වෙච්ච දේ හිතා ගන්නවත් බෑ. එයාට සිදු වූ විපත්තිය කොහොම දරාගන්න ද දෙවියනේ. පන්සිළු පුතා අපට හිටපු වටිනාම වස්තුව. අපේ පවුලට, ගමට, රටට පාසලට මොහොතකින් එයා අහිමි වුණා.” යැයි බේරුවල, හෙට්ටිමුල්ල, මල්ලබොක්ක ග්‍රාමයේ ජීවත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ…

හොර හරක් පැටවූ ලොරියකට බෝපැලේදී පොලිස් වෙඩි-සැකකරු අධිකරණයට

ලුණුගම්වෙහෙර දෙස සිට මත්තල හරහා සූරියවැව දෙසට පොලිස් අණ නොතකා ධාවනය වූ හොර හරක් පටවා ගත් ලොරි රථයකට සූරියවැව, බෝපැලේ හන්දිය අසලදී ඊයේ (27) අලුයම පොලිසිය වෙඩි තබා නතර කර සැකකරුවකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි. ලුණුගම්වෙහෙර දෙස සිට…

දික්ඔය නගර සභාවේ PHIලාට මරණ තර්ජනය කළ ආපනශාලා හිමිකරු අත්අඩංගුවට

එළඹෙන දීප­ාවලී උත්සව සමය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් පෙරේදා (26) හැටන් නගරයේ ආපන ශාලා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී ආපන ශාලා හිමියකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ආපනශාලා පරීක්ෂා කිරීමට ඉඩ නොදී මරණිය තර්ජන සිදු…

ඉතාලි තානාපති කාර්යාලය වීඩියෝ කළ සැකකරු දැලේ

කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු ඊයේ (27) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. එම සැකකරු…

සහල් මෝල්වලට පාරිභෝගික අධිකාරිය හදිසියේම එයි-නිපුණ-අරලිය මුලින්ම පරික්ෂාවට

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් මෙන්ම සහල් නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ඊයේ (27) පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් කටයුතු කළ අයුරු. ඡායාරූපය – සිරිපුර – මදුශානි අබේසිංහ ප්‍රකට…

ඇල්පිටිය ප්‍රා. සභා සභාපති ජාජබ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතා පත්කිරීමට නියමිතව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික රත්න ගමගේ මහතා පැවසීය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…