Month October 2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම , එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු යළිත්  ඊයේ (13) රාත්‍රී යළිත් මෙරටට පැමිණියාය එම අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ…

ළහිරු උදාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ආසියානු තරගාවලියට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය නැඟී එන ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය ළහිරු උදාරට හිමිව තිබේ. මේ තරගාවලියට 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, ජාත්‍යන්තර…

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හිස් අතින් ගෙදර එති-අපේ අයට බලාපොරොත්තු දරාගන්න බැරි වුණා – පුහුණුකරු රුමේෂ්

කාන්තා ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. සති කිහිපයකට පෙර ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මහත් බලාපොරොත්තු ඇතිව ඩුබායි වෙත පැමිණියද පිතිකරණයේ හා පන්දු…

මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු යළිත් මහේල

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මුම්බායි ඉන්දියන්ස් හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන යළිත් පත් කිරීමට කටයුතු කර තිබේ. මින් පෙර ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් කටයුතු කළ අතර, ඔහු යටතේ මේ…

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ජාත්‍යන්තර විරෝධය-ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකුටත් තුවාල

දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන්ට එරෙහිව ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 40කින් නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නිවේදන නිකුත් කර ඇත්තේ පසුගියදා දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව රැඳී…

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට බල කරමින් ඊශ්‍රායල විරෝධතාකරුවෝ අධිවේගී මාර්ගය වටලති

හමාස් සංවිධානය විසින් පසුගිය වසරේ ඔක්තෝබරයේදී පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එම සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන ලෙස ඊශ්‍රායල රජයට බල කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ටෙල් අවීව් නුවර අධිවේගී මාර්ගයක් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී ටෙල් අවීව්…

ඊශ්‍රායලය දකුණු ලෙබනනය වනසයි-එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවටත් ඉවත් වෙන්න කියයි

දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල අගමැතිවරයා එම දැනුම්දීම කර ඇත්තේ පෙරේදා ඊශ්‍රාලය හමුදාවෙන් දකුණු…

පක්ෂ ලේකම්වරු සහ කොමිසම අතර සාකච්ඡාවක් හෙට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය. හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වේ. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන්…

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඥාව

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම්…

ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය ප්‍රකාශයට

2024 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. ඔහු මේ බව කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඔහු කියා සිටියේ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු…