Month October 2024

දේශ­පා­ල­නය මහ­ජන සේව­ය­කට හර­වන්න ආණ්ඩුව මුල­පි­රුවා-ජන­පති බද්දේ­ගම දී කියයි

අපි ඉදි­රි­පත් කරන පිරිස අලුත් වුණාට දේශ­පා­ල­න­යට නව­ක­යන් නම් නොවෙයි  ජාතික ජන බල­වේ­ග­යට දේශ­පා­ල­නය කියන්නේ මහ­ජන සේව­යක්  දේශ­පා­ල­නය මහ­ජන සේව­යක් බවට හැර­වී­මට ආණ්ඩුව මුල­පුරා තිබෙන බව ජාතික ජන බල­වේ­ගයේ නායක, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන…

තැපැල් ඡන්දය හෙට

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ.    නොවැ­ම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දින­ව­ල­දීද තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු සිදු කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පව­සයි. එම දින­වල තැපැල් ඡන්දය සල­කුණු කිරී­මට නොහැකි වන රාජ්‍ය සේව­ක­යන්ට නොවැ­ම්බර්…

ශ්‍රී ලංකා­වට සංචා­රක තහ­න­මක් පනවා නෑ-අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග්

ශ්‍රී ලංකා­වට සංචා­රක තහ­න­මක් පනවා තිබෙන බවට පැතිර යන පුවත් සාවද්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනී ජුලී චන්ග් මහ­ත්මිය ප්‍රකාශ කරයි. යම් ආර­ක්ෂක තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කානු තානා­පති අංශ දැන­ග­ත­හොත් එම තොර­තුර සම්බ­න්ධ­යෙන් කාර්ය මණ්ඩ­ලය, අමෙ­රි­කානු පුර­වැ­සි­යන් සහ අදාළ රජය දැනු­ම්වත්…

අවි­ධි­මත්ව ආන­ය­න­ය කළ ඌරු ­මස් නිසා මෙරට සූකර උණ පැති­රුණා-සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල්

අප්‍රි­කානු සූකර උණ රෝගය (African swine fever) මෙරට ඇතුළු වී ඇත්තේ අවි­ධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් හෝ ගුවන්තොටු­පොළ හා වරාය මඟින් ඉව­ත­ලන ආහා­ර­ව­ලින් බවට අනු­මාන කරන්නේ යැයි සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය හේමාලි කොත­ලා­වල මහ­ත්මිය පැවසු­වාය.…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න තැපෑලේ 8,000ක්

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා­හැ­රීම සඳහා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ 8, 000ක පමණ සේවක පිරි­සක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ මහතා පැව­සීය. මේ වන­විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇති බව කියා සිටි ඒ…

මහ­මැ­ති­ව­ර­ණ­යට‍ ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421ක්

ඉදිරි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී ලියා­ප­දිංචි මුළු ඡන්ද­දා­යක ප්‍රමා­ණය වූ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හත­ළිස්දහස් තුන්සිය පනස්හතර (1,71,40,354) සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421ක් පිහි­ටු­වී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර තිබේ. ඒ අනුව වැඩිම ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් ලියා­ප­දිං­චිවී ඇති ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ඡන්ද­දා­ය­ක­යන් 1,881,129 වෙනු­වෙන් ඡන්ද මධ්‍ය­ස්ථාන 1212…

බිත්තර මිල ඉහළ යන්නේ නෑ-සත්ත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව

බඩඉරිඟු ආන­ය­නය කිරී­මට රජය අව­සර දීමත් සමඟ සත්ත්ව ආහාර මිල අඩු­වීම නිසා ඉදි­රියේදී බිත්තර මිල ඉහළ යෑමක් සිදු නොවන බව සත්ත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. දෙපා­ර්ත­මේ­න්තුව සතු සංඛ්‍යා ලේඛන අනුව දෙසැ­ම්බර් මාසය වන­ විට අති­රි­ක්ත­යක් ඇති­වන තර­මට බිත්තර නිෂ්පා­ද­නයේ…

පාතා­ලය-මත්ද්‍රව්‍ය ජාවා­රම නඩත්තු කළේ දේශ­පා­ල­න­ඥ­යන් ඒ දේශ­පා­ලන සංස්කෘ­ති­යට තිත තබ­නවා-අග­මැති හරිනි අම­ර­සූ­රිය පව­සයි

මත්ද්‍රව්‍ය ව්‍යාපා­රය හා පාතා­ලය අද වන විට මුළු රට­ටම විශාල ප්‍රශ්න­යක් බවට පත්ව ඇති බවත් ජාතික ආර­ක්ෂා­වට පවා විශාල තර්ජ­න­යක් මෙයින් තිබෙන බවත් මෙතෙක් මේවා නඩත්තු කළේ දේශ­පා­ල­න­ඥ­යන් බවත් අග­මැති හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැවැ­සු­වාය. ඉකුත්දා (26) අඹ­තලේ ගල්වාන හන්දි­යේදී පැවැති…

නැඟෙ­න­හිර ආණ්ඩු­කා­ර­වයා පාස­ල්වල සංව­ර්ධන නිල­ධා­රින්ගේ ගැටලු සොයයි

නැඟෙ­න­හිර පළාතේ පාස­ල්ව­ලට අනු­යු­ක්තව සේවය කරන සංව­ර්ධන නිල­ධා­රින් රාජ­කාරි කට­යු­තු­ව­ලදී මුහුණ දෙන ගැටලු සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා හා සංව­ර්ධන නිල­ධා­රින් අතර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. පස්වරු දෙකට පාසල් අව­සන් වීමෙන් පසු සවස හත­රයි පහ­ළොව දක්වා පාසලේ…

මෙරට ජන­තාව සියලු අව­දා­නම් අභි­යෝග ජය­ගෙන ආර්ථි­කය පණ ගන්වනු ඇති බව විශ්වා­සයි-ශ්‍රී ලංකාවේ චීන තානා­පති කියයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර පව­තින මිත්‍ර­ත්වය වසර 2000කට අධික කාල­යක් පුරා විහි­දෙ­නවා. ශ්‍රී ලංකාවේ කඩි­සර, බුද්ධි­මත් ජන­තාව නියත වශ­යෙන්ම අව­දා­නම් සහ අභි­යෝග ජය­ගෙන, පව­තින අර්බු­ද­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම යථා තත්ත්ව­යට පත් වී, සමෘ­ද්ධිය ළඟා කර ගැනී­මට ජාතික ආර්ථි­කය පණ ගන්වනු ඇතැයි…