සුමති ධර්ම­ව­ර්ධන ICC දූෂණ විරෝධී ඒක­කයේ මුල් පුටු­වට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (අයි­සීසී) දූෂණ විරෝධී ඒක­කයේ ප්‍රධා­නියා ලෙස ශ්‍රී ලංකා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යකු වන සුමති ධර්ම­ව­ර්ධන මහතා පත් කළ බව ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ (30) නිවේ­ද­නය කළේය.

ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යකු ද වන සුමති ධර්ම­ව­ර්ධන මහතා ලබන නොවැ­ම්බර් මස 1 වැනිදා සිට එම තන­තු­රෙහි වැඩ භාර ගැනී­මට නිය­මිත බව ද ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සිල නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වෙයි.

අයි­සී­සීයේ එවැනි තන­තු­ර­කට පත් වූ පළමු ශ්‍රී ලාංකි­කයා වන සුමති ධර්ම­ව­ර්ධන මහතා මීට පෙර ක්‍රීඩා අමා­ත්‍යාං­ශය සහ මෙරට රජය වෙනු­වෙන් දේශීය හා විදේ­ශීය මට්ට­මෙන් විවිධ නීති කට­යු­තු­ව­ලට සම්බ­න්ධව සිටි කීර්ති­මත් නිල­ධා­රි­යෙකි. මීට අම­ත­රව ඔහු ඉන්ට­ර්පෝල් පොලී­සිය සම­ඟත් මත්ද්‍රව්‍ය හා අප­රාධ සම්බ­න්ධව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය සම­ඟත් කට­යුතු කර ඇති අතර, මෙරට ක්‍රීඩාවේ දූෂණ වංචා සම්බන්ධ විම­ර්ශ­න­ව­ලට කැපී පෙනෙන දාය­ක­ත්ව­යක් ලබා දී ඇත. එමෙන්ම ක්‍රීඩාවේ වැරදි වැළැ­ක්වීමේ පනත යටතේ සිදු කළ විම­ර්ශන හා නීති කට­යු­තු­ව­ලට ද ඔහු සිය දාය­ක­ත්වය ලබා දුන්නේය.

අයි­සීසී යේ දූෂණ විරෝධී ඒක­කයේ ප්‍රධා­නි­යාගේ තන­තුර ස්වාධීන තන­තු­රක් වන අතර, දූෂණ විරෝධී ඒක­කයේ වැඩ­ක­ට­යුතු අධී­ක්ෂ­ණය කිරීම සහ ඊට නාය­ක­ත්වය ලබා­දීම ඔහුගේ මූලික කාර්ය­භා­රය වේ. සුමති ධර්ම­ව­ර්ධන මහතා අයි­සීසී දූෂණ විරෝධී ඒක­කයේ ප්‍රධා­නියා ලෙස පත්වූයේ වසර 14ක කාල­ය­කින් පසු එම ධුර­යෙන් විශ්‍රාම ගත් බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් රොනී ෆ්ලැන­ගන් වෙනු­ව­ටය.