ශ්‍රී ලංකා පිල හොංකොං සය සාමා­ජික තර­ගා­ව­ලියට යයි-පළමු තර­ගය හෙට ඕමා­න­යට එරෙ­හිව

ක්‍රිකට් හොංකොං විසින් සංවි­ධා­නය කරන ලද ජාත්‍ය­න්තර සය සාමා­ජික ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩා­යම පෙරේදා රාත්‍රියේ හොංකොං බලා පිටත්ව ගියහ.

ළහිරු මදු­ෂං­කගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ළහිරු සම­ර­කෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීර­ක්කොඩි, ධනං­ජය ලක්ෂාන්, තරිඳු රත්නා­යක සහ තනුක දාබරේ ඇතු­ළත්ව ඇති අතර, සඳුන්, කණ්ඩා­යමේ කඩුලු රකින්නා ලෙස කට­යුතු කරන අතර මේ සියලු ක්‍රීඩ­කයෝ තුන් ඉරි­යව් දස්කම් දක්වන ක්‍රීඩ­කයෝ වෙති.

මේ ක්‍රීඩ­ක­යන් අත­රින් 5 දෙන­කුම ජාත්‍ය­න්තර තරග වරම් හිමි කර ගෙන ඇති අතර, 28 හැවි­රිදි තරිඳු රත්නා­යක සහ 26 හැවි­රිදි තනුක දාබරේ පම­ණක් ජාත්‍ය­න්තර තරග වරම් ලබා නැත. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් අතර සිටිති.

වසර 7කට පසුව පැවැ­ත්වෙන මෙවර තර­ගා­ව­ලි­යට කණ්ඩා­යම් 12ක් එක්වන අතර, තර­ගා­ව­ලිය හෙට (1) සිට 3 වැනිදා දක්වා පැවැත්වේ. ඊට ඇතු­ළත් තරග සංඛ්‍යාව 29කි. තර­ගා­ව­ලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැ­ත්වෙන අතර, ශ්‍රී ලංකා පිල ‘ඩී’ කාණ්ඩ­යෙන් තරග වැදී­මට නිය­මි­තය. බංග්ලා­දේ­ශය සහ ඕමා­නය එම කාණ්ඩ­යට ඇතු­ළත් වන අතර, මූලික වට­යේදී ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­යම් දෙක අර්ධ අව­සන් වට­යට සුදු­සු­කම් ලබයි.

පෙර­වරු 8.45ට ඕමා­න­යට එරෙ­හිව තරග වදින ශ්‍රී ලංකා පිල පස්වරු 2.10ට බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව මූලික වටයේ අව­සන් තර­ග­යට එක්වෙයි.

1992 වසරේ ආරම්භ වූ මේ තර­ගා­ව­ලිය අව­සන් වරට පැව­තියේ 2017 වස­රේ­දීය. එම තර­ගා­ව­ලීන් සිය­ල්ලට කණ්ඩා­යම් 8 බැගින් එක් වූ අතර, එය මෙවර 12 දක්වා වැඩි කර තිබේ. එහිදී වැඩිම ශූරතා ගණ­නක් දිනා ගැනී­මට වත්මන් ශූර දකුණු අප්‍රි­කාව, පාකි­ස්තා­නය සහ එංග­ල­න්තය සමත්ව අති අතර, ඔවුන් ශූරතා 5 බැගින් දිනා ඇත. 2007 වසරේ ශූර­තාව දිනා­ගත් ශ්‍රී ලංකාව, 1993 සහ 2004 වස­ර­ව­ලදී අනු­ශූ­ර­තාව දිනා තිබේ.