දැනුම් පරතරය අවම කිරීමට මෙන්ම රට පුරා නවෝත්පාදන පෝෂණය කිරීමට පුස්තකාලයාධිපතිවරුන්ට සහාය වීමට තම රජය කැප වී සිටින බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය පැවැසූවාය.
‘‘පුස්තකාල සේවා නවීකරණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමිණීම-අභියෝග සහ අවස්ථාÓමැයෙන් ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයකට කොළඹ දී එක්වෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවැසූවාය.
ඔබ පුස්තකාලයාධිපතිවරුන් පමණක්ම නොවෙයි. දැනුම් සම්භාරයක භාරකරුවන් සහ ආරක්ෂකයන් වගේම අපගේ ඩිජිටල්කරණය වන අනාගතයේ මෙහෙයුම්කරුවන් පිරිසක්ද වන බව අගමැතිනිය කීවාය. එසේම ඩිජිටල් ප්‍රවේශය ප්රගමනය කිරීමේදී පුස්තකාල සහ පුස්තකාලයාධිපතිවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳව ද අගමැතිනිය අවධාරණය කළාය.
දැනුම සඳහා ප්‍රවේශය ප්රජාතන්ත්රීකරණය කිරීම සහ සීමාසහිත සම්පත් සහ සැකසුම් තුළ ධාරිතාව ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවා නවීකරණය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ හැකියාව මේ සම්මන්ත්‍රණයේදී ගවේෂණය කෙරිණි.