ඌව පළාත් සභාවේ හිටපු ඇමැති දයා­රත්න බණ්ඩා­රගේ අව­සන් කට­යුතු අද

ඌව පළාත් සභාවේ දීර්ඝ කාල­යක් මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඌව පළාත් සභාවේ තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ලෙස සේවය කළ මොන­රා­ගල ඩබ්ලිව්.එම්. දයා­රත්න බණ්ඩාර මහතා (සුමේධ බණ්ඩාර) අභා­ව­ප්‍රාප්ත විය.

මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස දේශ­පා­ල­න­යට පිවිසි ඒ මහතා කලක් මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලෙසද කට­යුතු කළේය. ඒ මහතා මිය යන­විට 62 වැනි වියේ පසු­විය.

ඔහු හිටපු ඇමැ­ති­නි­යක වූ සුමේධා ජය­සේන මහ­ත්මි­යගේ ඥාති පුත්‍ර­යෙකි. ඔහු වෘත්ති­යෙන් මැණික් ව්‍යාපා­රි­ක­යෙකි. තිදරු පියකු වන බණ්ඩාර මහතා කෙටි කාල­යක් රෝගා­තු­රව සිටි­යේය. දේහය මොන­රා­ගල දුටු­ගැ­මුණු මාවතේ ඔහුගේ නි‍ෙවසේ තැන්පත් කර ඇති අතර අව­සන් කට­යුතු අද (31) සවස 6.00ට මොන­රා­ගල ආදා­හ­නා­ගා­ර­යේදී සිදු කෙරේ.