උ/පෙළ විභා­ගය කල් දාන්නේ නෑ

බොරු ප්‍රචා­ර­ව­ලට රැව­ටෙන්න එපා

2026දී විභාග කාල­ස­ට­හන පෙර පරි­දිම – විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර

කිසිදු හේතු­වක් නිසා 2024 උසස් පෙළ විභා­ගය කල් නොද­මන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

උසස් පෙළ විභා­ගය නොවැ­ම්බර් 25 වැනිදා සිට දෙසැ­ම්බර් 20 වැනිදා දක්වා දින 22ක් පුරා­වට පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති බවත් විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් නිල වශ­යෙන් දැනුම් දී ඇති බව ද අමිත් ජය­සු­න්දර මහතා සඳ­හන් කළේය.

එම විභාග කාල­ස­ට­හන වෙනස් කර නැති අතර සමාජ මාධ්‍ය හෝ වෙනත් ප්‍රචා­ර­යන් නිසා ඒවාට නොරැ­වටී නිය­මිත දින­වල පැවැ­ත්වෙන විභා­ග­යට දරු­වන් සූදා­නම් විය යුතු බව විභාග කොම­සා­රි­ස්ව­රයා අව­ධා­ර­ණය කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) පැව­සු­වේය.

විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ [email protected] නිල වෙබ් අඩ­වි­යෙන් උසස් පෙළ විභාග කාල­ස­ට­හන බාගත කර ගත හැකි බවත් පසු­ගිය මාර්තු මාස­යේදී උසස් පෙළ විභා­ගය සඳහා දින තීර­ණය කළ අතර දරු­වන්ට විභා­ගය සඳහා සූදා­නම් වීමට අවශ්‍ය කාලය ඕනෑ­ව­ටත් වඩා ලැබී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙවර උසස් පෙළ විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා විභා­ග­යට සූදා­නම් වීමට පාසල් දින 361ක් ලැබුණු බවත් එක් විෂ­යක් ආව­ර­ණය සඳහා කාල­ප­රි­ච්ඡේද 600ක් ප්‍රමා­ණ­වත් වුවත් මෙවර විභාග අපේ­ක්ෂ­ක­යන්ට ඉගෙ­නුම් කට­යුතු සඳහා කාල­ප­රි­ච්ඡේද 722ක් ලැබුණු බවත් ඒ මහතා පැව­සීය.

උසස් පෙළ විභා­ගය පිළි­බඳ සමාජ මාධ්‍ය තුළින් විශාල වශ­යෙන් වැරදි ප්‍රචා­ර­යන් සිදු කරන බවත් ඒ අනුව දරු­වන් අතර උසස් පෙළ විභා­ගය පැවැ­ත්වෙන දින පිළි­බඳ අවි­නි­ශ්චි­ත­භා­ව­යක් ඇතිව තිබෙන අතර එය නිවැ­රදි කිරීමේ අර­මු­ණින් මාධ්‍ය හමුව පැවැත්වූ බවත් ඒ මහතා කීය.

සැම විටම විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු­ක­රනු ලබන නිල නිවේ­දන පම­ණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු­ක­රන ප්‍රචා­ර­යන්ට නොරැ­ව­ටෙන ලෙසත් විභාග කොම­සා­රි­ස්ව­රයා අපේ­ක්ෂ­ක­ය­න්ගෙන් ඉල්ලී­මක් කරයි.

විභා­ගය කල් දමන ලෙසට තමාට හා විවිධ ආය­තන වෙත ඉල්ලීම් ලැබෙ­මින් පව­තින බවත් උසස් පෙළ විභා­ගයේ දින තීර­ණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආව­රණ කාලය පිළි­බඳ අව­ධා­නය යොමු කර බවත් ඒ මහතා කියා සිටි­යේය.

පසු­ගිය කාල­සී­මාව පුරා රට මුහුණ දුන් නොයෙක් අර්බුද හේතු­වෙන් විභාග ඉතා අක්‍ර­ම­වත් ලෙස පැවැ­ත්වී­මට සිදු වූයේ යැයි ද 2025 වසර අව­සන්ව 2026 වසර ආර­ම්භ­යේදී විභාග නිසි පරිදි පැවැ­ත්වී­මට හැකි­යාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙවර උසස් පෙළ සඳහා විෂ­යන් 64ක් යටතේ අය­දු­ම්ක­රු­වන් 333,185ක් පෙනී සිටී­මට නිය­මිත බවත් ඉන් පාසල් අය­දු­ම්ක­රු­වන් 253,390ක් සිටින අතර පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් 79,795ක් අය­දුම් කර ඇති බවත් විභාග කොම­සා­රි­ස්ව­රයා පැව­සීය.

විභාග මධ්‍ය­ස්ථාන 2,317කදී මෙවර උසස් පෙළ විභා­ගය පැවැ­ත්වී­මට නිය­මිත අතර උතුරු පළාතේ ඩෙල්ෆ්ට් සහ නය­න­තිව් දූප­ත්ව­ලද විභාග මධ්‍ය­ස්ථාන දෙකක් ස්ථාපිත කර තිබෙන බව ද ඒ මහතා පැව­සු­වේය.