හිටපු ජන­පති වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කළේ නැහැ-සර්ව­ජන බලය පක්ෂයේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂක දිලුම් අමු­ණු­ගම

පසු­ගිය රජය සමයේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා රජයේ සේවක වැටුප් වැඩි කිරී­මට කැබි­නට් අනු­මැ­තිය ගත්තේ ඒ සඳහා මුදල් වෙන් කිරී­මක් සිදු නොකර යැයි සර්ව­ජන බලය පක්ෂයේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂක දිලුම් අමු­ණු­ගම මහතා පව­සයි.

ඒ මහතා මේ බව පැව­සුවේ සර්ව­ජන බලය පක්ෂයේ පාක්ෂික හමු­වක් කටු­ග­ස්තොට, ගොහා­ගොඩ ප්‍රදේ­ශ­යේදී පැවති අව­ස්ථා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ආණ්ඩුව අප­හ­සු­තා­වට පත්කර බලය ගැනීමේ ගෝත්‍රික මත­වා­ද­යෙන් දැන් හෝ විප­ක්ෂය බැහැර විය යුතුයි. එසේ නොවු­ණොත් මේ රට කිසි දව­සක දියු­ණුව කරා රැගෙන යන්න බෑ. පසු­ගිය ජන­ප­ති­ව­ර­ණ­යේදී මම සහාය දුන්නේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට. එතුමා කිව්වා මම ආවොත් රජයේ සේවක වැටුප් වැඩි කර­නවා කියලා. නමුත් එතුමා පරා­ජය වුණා. දැන් රනිල් වික්‍ර­ම­සිංහ මහතා වත්මන් ජන­ප­තිට කිය­නවා රජයේ සේවක වැටුප් වැඩි කරන්න කියලා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා බල­යට ආවා­නම් ඔහුට ද මේ කියන ආකා­ර­යට පඩි වැඩි කරන්න බෑ. රජයේ සේවක වැටුප් වැඩි කරන්න ජන­ප­ති­ව­රණ සමයේ කැබි­නට් අනු­මැ­ති­යක් ගත්තට ඒක කරන්න රජ­යට මුදල් තිබුණේ නෑ. රජයේ සේව­ක­යන්ගේ වැටුප් වැඩි කරන්න මම මුදල් වෙන් කළා කියලා හිටපු ජන­ප­ති­ව­රයා කරන ප්‍රකා­ශය වැර­දියි.

වත්මන් ජන­ප­ති­ව­රයා රනිල් වික්‍ර­ම­සිංහ කියන දේවල් කරන්න ගියොත් මේ රට නැව­තත් ආර්ථික අතින් පහ­ළට ඇද­වැ­ටෙ­නවා. තැපැල් ඡන්ද ගැන හිතා රජයේ සේවක වැටුප් වැඩි කරන්න ගියොත් මේ රට තව­ත­වත් අර්බු­ද­යට ලක්වෙ­නවා. රට වට්ටලා බලය ගන්න මේ සංස්කෘ­තිය අපි ප්‍රති­ක්ෂේප කළ යුතුයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු කණ්ඩා­යම නැවත මතු කරන්න හදන්නේ අපි ප්‍රති­ක්ෂේප කරන ඒ නරක දේශ­පා­ලන සංස්කෘ­ති­යයි. බල­යට එන්න ඕන නිසා දේශ­පා­ලන පක්ෂ භාණ්ඩා­ගා­රයේ තත්ත්වය ගැන නොසිතා පොරොන්දු දුන්නා. සමෘ­ද්ධිය වැඩි කර­නවා කිව්වා, උපා­ධි­ධා­රීන්ට රැකියා දෙනවා කිව්වා. සාමාන්‍ය පෙළ අස­මත් අයට රජයේ රැකියා දුන්නා. මේ වගේ දේවල් නිසා රාජ්‍ය සේවය රටට බරක් වුණා. මුදල් අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ලබන මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ කොහො­මද කියලා හිසේ අත තියන් කල්පනා කරද්දී රනිල් වික්‍ර­ම­සිංහ කිය­නවා රජයේ සේවක වැටුප් වැඩි කරන්න කියලා.”