දීපා­වලි දින පණිවිඩ

නව චින්තන පෙර­ළි­ය­කට දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු – ජන­පති

ප්‍රඥාවේ දීපා­ව­ලිය දල්ව­මින් ශ්‍රී ලාංකි­ක­යන් ලෙස නව චින්තන පෙර­ළි­යක් සඳහා වූ මඟ­කට පිවි­සී­මට මෙවර දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු’ යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දීපා­වලි සුබ­පැ­තුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

එහි වැඩි­දු­ර­ටත් මෙසේ සඳ­හන් වෙයි.

අන්ධ­කා­ර­යට එරෙ­හිව ආලෝ­කයේ ජය­ග්‍ර­හ­ණය සංකේ­ත­වත් කර­මින් ලොව පුරා හින්දු බැති­මත්හු මහත් භක්ති­යෙන් දීපා­වලි උත්ස­වය සම­රති.

නිද­හ­සින් පසු දශක ගණ­නා­වක් පුරා අඳුරේ අත­පත ගාමින් ආලෝ­කය සොයා පැමිණි ශ්‍රී ලාංකේය ජන­තාව මේ වන විට නැවුම් බලා­පො­රොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණ­නා­වක ජනතා අපේක්ෂා ඵල දැරී­මකි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව පාල­නය කළ පාල­ක­යන් විසින් යට­පත් කරන ලද ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වෙන පුන­රුද යුගය අපි දැන් ආරම්භ කර ඇත්තෙමු.

දීපා­වලි සැම­රු­මට පාදක වූ පුරා­වෘත්ත කිහි­ප­යක්ම පව­තියි. වසර 14ක වන­වා­සය අව­සන් කර රාම රජු, සීතා හා ලක්ෂ්මී ද කැටුව අයෝධ්‍යා පුර­යට යළි පැමි­ණීම, විෂ්ණු දෙවි­යන්ගේ අව­තා­ර­යක් වූ ක්‍රිෂ්ණා නර­කා­සුර නමැති අසු­රයා පරා­ජය කිරීම ආදිය ඒ අතර වේ. එම සිදු­වීම් සිහි­පත් කර­මින් හින්දු බැති­මත්හු දීපා­වලි උත්ස­වය සම­රති.

අවි­ද්‍යාවේ ගන­ඳුර පලවා හරි­න්නට හැකි වන්නේ විද්‍යාවේ ආලෝ­ක­යට පමණි. ප්‍රඥාවේ දීපා­ව­ලිය දල්ව­මින් ශ්‍රී ලාංකි­ක­යන් ලෙස නව චින්තන පෙර­ළි­යක් සඳහා වූ මඟ­කට පිවි­සී­මට මෙවර දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු’ යැයි මම සියලු ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිමි.

සංස්කෘ­තික විවි­ධ­ත්වයේ අලං­කා­රය අග­ය­මින්, එකි­නෙකා කෙරෙහි ගරු­ත්වය, පිළි­ගැ­නීම හා සහෝ­ද­ර­ත්වයේ දෑත දිගු කරමු. බෙදා වෙන් කර දුර්වල කර­න්නට තැත් කළ ශ්‍රී ලාංකේක ජාතිය නොබෙදී සවි­මත්ව සිට ගැනී­මට කාලය පැමිණ ඇත. අසා­ධා­ර­ණය, වෙනස් කර සැල­කීම්, ආන්තී­ක­ර­ණය, වෛරී ප්‍රකාශ හා ප්‍රච­ණ්ඩ­ත්වය ආදිය මුලි­නු­පුටා දම­මින් සමා­ජය අසම ඡේද­නය කරන, වර­ප්‍ර­සා­ද­ලා­භීන් හා වර­ප්‍ර­සාද අහිමි වූවන් නිර්මා­ණය කරන දේශ­පා­ලන සංස්කෘ­ති­යට නැව­තුම් තිත තැබී­මට අපි පෙර­මුණ ගනිමු.

එලෙස සහ­ක­ම්ප­නීය හා විචා­ර­ශීලී නව සංස්කෘ­තික පැවැ­ත්මක් නිර්මා­ණය කර ගැනී­මට සියලු ජන­තා­ව­ටද මම ආරා­ධනා කරමි. පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක් පිළි­බඳ අපගේ අපේ­ක්ෂාව යථා­වට නැඟී­මට නම් මේ සංස්කෘ­තික, දේශ­පා­ල­නික හා ආක­ල්පීය පරි­ව­ර්ත­නය අත්‍ය­වශ්‍ය බව මේ දීපා­ව­ලියේ දී මම අව­ධා­ර­ණය කරමි.

දීපා­වලි දිනයේ සෑම නි‍ෙව­ස­කම, නගර මුළු­ල්ලේම දැල්වෙන දහස් ගණ­නක පහන් ආලෝ­කය පරි­ද්දෙන් සිය­ල්ලන්ගේ සිත්ස­ත­න්වල සුහ­ද­ත්වයේ හා ප්‍රඥාවේ ආලෝ­කය පැති­රේවා’යි ප්‍රාර්ථ­නය කර­මින් සමස්ත ලෝක­වාසී සහ ශ්‍රී ලාංකේය හින්දු භක්ති­ක­යන්ට දීපා­වලි සැම­රුම් දින සුබ­පැ­තුම් එක් කරමි.


සියලු දෙනාට නිද­හස සහ අයි­ති­වා­සි­කම් අත්වි­ඳිය හැකි ලොවක් ගොඩ­නැ­ඟී­මට කැප­වෙමු – අග­මැ­තිනි

සෑම කෙන­කු­ටම නිද­හස, ගෞර­වය සහ අයි­ති­වා­සි­කම් අත්වි­ඳිය හැකි ලෝක­යක් ගොඩ­නැ­ඟී­මට නැවත නැව­තත් කැපවී ක්‍රියා කරන දීපා­වලි දිනය වෙනු­වෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය සඳ­හන් කරයි.

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ අපගේ ප්‍රති­ප­ත්ති­යෙන් අපේක්ෂා කරන පරිදි අපගේ සාමූ­හික ඉල­ක්කය වන්නේ කිසි­වකු අත්නො­හැ­රෙන බව සහ­තික කර­මින් සියලු දෙනාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම බව අග­මැ­ති­නිය නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් වේ.

එම  නිවේ­ද­නයේ මෙසේද සඳ­හන් වේ.

ක්‍රිෂ්ණ දෙවි­යන් විසින් නර­ගා­සු­රන් නමැති යක්ෂයා යටත් කර ගැනීම උත්ක­ර්ෂ­වත් ලෙස සැම­රී­මට හින්දු බැති­ම­තුන් දීපා­වලි දිනය සම­රති. ශ්‍රී ලාංකීය හින්දු බැති­ම­තුන් තම නිවෙ­ස්වල පහන් දල්වා මේ උත්ස­වය සම­රන්නේ අඳුර පහව ගොස් ආලෝ­කය උදා­වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

මේ උත්ස­වයේ ආලෝ­කය අපගේ නිවෙස් ආලෝ­ක­වත් කර­නවා පම­ණක් නොව අපගේ හද­ව­ත්වල යුක්තිය, දයාව සහ සහ­යෝ­ගී­තාව පිළි­බඳ ගැඹුරු හැඟී­මක් දල්වයි. අඳුර පර­දවා ආලෝ­කයේ ජය­ග්‍ර­හ­ණය සම­රන මේ දීපා­වලි දින­යේදී සමා­ජ­යීය අස­මා­න­තා­වන්ට, අයු­ක්ති­යට සහ බැහැර කිරී­මට එරෙ­හිව අඛණ්ඩ අර­ග­ල­යන්හි නිරත වන සිය­ල්ල­න්ටම අපේ ගෞර­වය හිමි­විය යුතුය.

දීපා­වලි දිනයේ එය සම­රන සෑම අය­කු­ගේම ජීවි­ත­යට ආලෝ­කය, ප්‍රීතිය සහ නව­තා­වන් ගෙන එනු ඇත. අද දීපා­වලි උත්ස­වය සම­රන ඔබ සැමට ඉතා ප්‍රීති­මත්, අර්ථ­වත් සහ සාම­කාමී දීපා­වලි උත්ස­ව­යක් වේවායි ප්‍රාර්ථනා කරමු.


හින්දු වැසි­යන් සම­රන දීපා­ව­ලිය නපු­රට එරෙහි යහ­පත ස්ථාපිත වූ දින­යයි – ඇමැති විජිත හේරත්

නපු­රට එරෙ­හිව යහ­පත,නොදැ­නු­ව­ත්ක­මට එරෙ­හිව නව බුද්ධි ප්‍රබෝ­ධ­යක් ස්ථාපිත වූ දිනය වශ­යෙන් හින්දු ජන­තාව උත්ස­ව­ශ්‍රී­යෙන් මේ උත්ස­වය සම­රන බව මූලා­ශ්‍ර­වල සඳ­හන් වන බව  දීපා­වලී දිනය වෙනු­වෙන් සුබ පැතුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් ඇමැති  විජිත හේරත් මහතා පව­සයි.

ආධ්‍යා­ත්මික අන්ධ­කා­ර­යට එරෙ­හිව ආලෝ­කයේ ජය­ග්‍ර­හ­ණය,අය­හ­ප­තට එරෙ­හිව යහ­පත අසා­ධා­ර­ණ­යට එරෙහි සාධා­ර­ණ­ත්වය ඇති කළ දිනය සැම­රීම දීපා­වලී දිනයේ තේමාව බව ඇමැ­ති­ව­රයා නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් වේ.

එම නිවේ­ද­නයේ මෙසේ ද සඳ­හන් වේ.

හින්දු සහෝ­දර සහෝ­ද­රි­යන් දීපා­වලී උත්ස­වය සම­රනු ලබන්නේ තිරු­මාල්,තිරුමා සමඟ නර­කා­සු­රන් නමැති මාරා­න්තික යක්ෂයා පරා­ජය කළ දිනය සැම­රීම සඳහා වේ.

‘පොහො­සත් රටක්- ලස්සන ජීවි­ත­යක්’තේමා කර­ගත් නව පුන­ර්ජී­ව­න­යක් කරා පිය­න­ඟන දැයක් නිර්මා­ණය කිරීමේ විශිෂ්ට මෙහෙ­වරේ දී දීපා­වලී ඉහත
සඳ­හන් තේමා­වට හිමි­වන්නේ සුවි­ශේෂී ස්ථාන­යක් බව ද මෙහිලා සතු­ටින් සඳ­හන් කරමි.