ආර්ථි­කය හදන්න අප­න­ය­න­ක­රු­වන්ගේ පූර්ණ සහාය අව­ශ්‍යයි-අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ නිල­ධා­රින් සහ අප­න­ය­න­ක­රු­වන් හමුවේ ජන­පති කියයි

රටේ ආර්ථික ස්වාධි­ප­ත්‍ය­යක් නිර්මා­ණය කිරීම රජයේ අර­මුණ බවත්, ඒ වෙනු­වෙන් මෙරට අප­න­ය­න­ක­රු­වන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින් සහ අප­න­ය­න­ක­රු­වන් සමඟ පෙරේදා  (29) ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති සාක­ච්ඡාවේ දී ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

අප­න­යන වෙළෙඳ පහ­සු­කම් සැල­සී­මට අනෙ­කුත් රාජ්‍ය ආය­තන සහ ශ්‍රී ලංකා රේගුව ඒකා­බද්ධ කර ගනි­මින් තනි සේවා කවු­ළු­වක් නිර්මා­ණය කිරීමේ වැද­ග­ත්කම පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා අප­න­ය­න­ව­ලට සම්බන්ධ රජයේ ආය­ත­න­වල කාර්ය­ක්ෂ­ම­තාව ඉහළ නැංවීම හා  ඩිජි­ට­ල්ක­ර­ණයේ වැද­ග­ත්කම පිළි­බ­ඳව ද කරුණු පැහැ­දිලි කළේය.

එසේම බල­ශක්ති මිල සැල­කිය යුතු මට්ට­ම­කින් පහළ දැමීම, විදේශ අයෝ­ජන ප්‍රව­ර්ධ­නය, ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට ප්‍රවේ­ශය ලබා ගත හැකි පරිදි තානා­පති සේවා ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය ඇතුළු කරුණු පිළි­බඳ රජයේ අව­ධා­නය යොමුව ඇති බව ද ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

මේ සියලු අර­මුණු ඉතා කෙටි කල­කින් ඉටු කර ගැනීම රජයේ අපේ­ක්ෂාව බවත්, ඒ වෙනු­වෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දාය­ක­ත්වය අපේක්ෂා කරන බවත් ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය. ඉදි­කි­රීම්, භාණ්ඩ ප්‍රවා­හන හා සැප­යුම්, මත්ස්‍ය අප­න­යන, තොර­තුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණා­භ­රණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළු­බඩු කර්මා­න්තය ආශ්‍රිත නිෂ්පා­දන ඇතුළු ක්ෂේත්‍ර ගණ­නා­වක් නියෝ­ජ­නය කර­මින් අප­න­ය­න­ක­රු­වන් මීට එක්ව සිටි අතර  එක් එක් කර්මා­න්ත­ව­ලට අදා­ළව සහ පොදුවේ අප­න­යන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළි­බඳ හා ඒවාට ලබා දිය හැකි විස­ඳුම් පිළි­බ­ඳව ද කරුණු ඉදි­රි­පත් කෙරිණි.

අප­න­යන ආදා­යම් ඉහළ නංවා ගැනීමේ රජයේ ඉදිරි සැල­සුම් පිළි­බ­ඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ආයෝ­ජන ප්‍රව­ර්ධ­නය, නිසි නියා­ම­නය, පර්යේ­ෂණ හා සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය, කර්මා­න්ත­වල ඵල­දා­යී­තාව ඉහළ නැංවීම, වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශය ලබා ගැනීම, ඩිජි­ට­ල්ක­ර­ණය මෙන්ම බදු සහන සැල­සීම පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු කෙරිණි.

අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ මහතා ඇතුළු  ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින් පිරි­සක් මේ සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.