බයිඩ්න් කල් තියා ඡන්දය දෙයි

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිය දෙවැනි ධුර කාලය සඳහා තරග වදින ජෝ බයිඩ්න් වේලා­ස­නින් ඡන්දය ලකුණු කිරී­මට ලැබී ඇති අව­ස්ථා­වට අනුව පෙරේදා ඩෙල­වෙ­යාර් පළාතේ නිව් කාසල් නුවර සිය නිවෙස ආස­න්නයේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට පැමිණ සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආර­ක්ෂ­ක­යන් හා මාධ්‍ය­වේ­දීන් පිරි­වරා ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට පැමිණි 81 හැවි­රිදි ජනා­ධි­ප­ති­ව­රයා සාමාන්‍ය පුර­වැ­සි­යකු ලෙස සිය ඡන්දය ලකුණු කිරී­මට මිනිත්තු 40කට ආසන්න කාල­යක් පෝලිමේ රැඳී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඒ අත­ර­තුර කාල­යේදී ඔහු ඡන්ද­දා­ය­ක­යන් සමඟ සුහද කතා­බ­හක නිර­තවූ බවත්, රෝද පුටු­වක ආධා­ර­යෙන් ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට පැමිණ ඔහුට ඉදි­රි­යෙන් පෝලිමේ සිටි වය­ස්ගත කාන්තා­ව­කට ඔහු සහාය දුන් බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.