ගත වූ මාස තුනක කාලයේ රථවාහන පන්දාහක් බලහත්කාරයෙන් ලීසිං සමාගම් විසින් අත්පත් කරගෙන ඇතැයි “මගෙන් රටට සංවිධානයÓ අනාවරණය කරයි.
මෙලෙස ඉතා අසාධාරණ ලෙස ලීසිං සමාගම් විසින් රථවාහන බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් ව්‍යසනය, ආර්ථික බිඳ වැටීම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි හේතු නිසා බිඳ වැටුණු ව්‍යාපාර හිමියන් ලීසිං පහසුකම් යටතේ ලබාගත් වාහන මෙලෙස නියමිත වාරික සහ පොලිය ගෙවීම අතපසුවීම නිසා අත්පත් කර ගැනීම අසාධාරණ බව ද එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු මෙසේද කියා සිටියි.
අපේ රටේ දැනට ක්‍රියාත්මක ලීසිං සමාගම් සියල්ලම පාහේ වාහන හිමියන්ගේ රථවාහන අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් සිටී. ඔවුන් එලෙස කටයුතු කරන්නේ සිත් පිත් නැති අයුරිනි.
වසර දෙදහස අංක 56 දරන ලීසිං පනත යටතේ ලීසිං නොගෙන වාහනයක් අත්පත් කරගත හැක්කේ හිමිකරුගේ කැමැත්ත මත පමණි. එසේ තිබියදීත් හිමිකරුගේ කැමැත්ත නැතිව වාහන අත්පත් කරගැනීම සිදුකරයි. ඒවා සති දෙකක් තුළ නැවත වෙන්දේසි කරයි. එම වෙන්දේසි කාලයේදී වාහනේ වටිනාකම අඩු කරයි. වාහනයේ වටිනා දේවල් ගලවා ඉවත් කරයි. එමෙන්ම වාහනෙය් සැබෑ වටිනාකමට වඩා අඩු මුදලක් තක්සේරු කරයි. මෙලෙස අඩු වටිනාකමක් තක්සේරු කළ වාහන වෙන්දේසියේ දී තම හිතවතුන්ට ලබාදෙයි. සැබෑ හිමිකරුවන්ට වෙන්දේසියට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදෙයි.
මේ ආකාරයට ලීසිං ක්‍රමවේදය යටතේ වාහනයක් ලබාගත් අයෙකුට, නිසි පරිදි එම මුදල් ආපසු ගෙවීමට අපහසු වී තිබේ නම් ඔවුන්ට සානුකම්පිතව සලකා බලා සහන සැලසිය යුතු බව සංජය මහවත්ත මහතා කියයි.