ඌව පළාත් සභාවේ දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයකු මෙන්ම ඌව පළාත් සභාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සේවය කළ මොනරාගල ඩබ්ලිව්.එම්. දයාරත්න බණ්ඩාර මහතා (සුමේධ බණ්ඩාර) අභාවප්‍රාප්ත විය.
මොනරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට පිවිසි ඒ මහතා කලක් මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙසද කටයුතු කළේය. ඒ මහතා මිය යනවිට 62 වැනි වියේ පසුවිය.
ඔහු හිටපු ඇමැතිනියක වූ සුමේධා ජයසේන මහත්මියගේ ඥාති පුත්‍රයෙකි. ඔහු වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙකි. තිදරු පියකු වන බණ්ඩාර මහතා කෙටි කාලයක් රෝගාතුරව සිටියේය. දේහය මොනරාගල දුටුගැමුණු මාවතේ ඔහුගේ නිෙවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (31) සවස 6.00ට මොනරාගල ආදාහනාගාරයේදී සිදු කෙරේ.