දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.
ඒ, 31 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් දැනුම් දී ඇත.
ඒ වෙනුවට ලබන මස 09 වැනිදා සෙනසුරාදා පාසල් පැවැත්වෙනු ඇති බව ද දැනුම්දී තිබේ.