සීනි වංචාවට හිටපු ඇමති අත්අඩංගුවට

සීනි ආනයනය සම්බන්ධ දූෂණ නඩුවක සැකකරුවෙකු ලෙස ඉන්දුනීසියානු හිටපු වෙළඳ අමාත්‍ය තෝමස් ලෙම්බොන්ග් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හිටපු අමාත්‍යවරයා රුපියල් බිලියන 400 ක පමණ රාජ්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති බව සඳහන්.

මෙම සීනි වංචාව ඉන්දුනීසියාවේ හිටපු ජනපති ජෝකෝ විඩෝඩෝගේ පළමු ධුර කාලය තුළ සිදු වූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තෝමස් මහතා 2015 වසරේ අගෝස්තු මාසයේ සහ 2016 වසරේ ජූලි මාසය අතර ඉන්දුනීසියාවේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.